
බෙංගාල බොක්කේ වර්ධනය වූ සුළි කුණාටු තත්ත්වයේ බලපෑම හේතුවෙන්, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ද මහ වැසි ඇදහැලෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අධික වර්ෂාපතනය හේතුවෙන්, චෙන්නායි අගනුවර පළාත් රැසක් ජලයෙන් යට වී ගොස් ඇත. උන්හිටිතැන් අහිමිවූවන් ගණන දස දහස් ගණනකි. අයහපත් කාලගුණය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යාඥයන් කල් තියා අනතුරු ඇඟවීම නිසා, වෙරළබඩ අනාරක්ෂිත ප්‍රදේශවල පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැණුනි. පාසල් සහ රජයේ කාර්යාල දින දෙකක් වසා දැමීමට තීරණය කෙරුණි.
තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලිං පෞද්ගලික අංශයෙන් ද ඉල්ලිමක් කළේ කාර්යාල සහ කර්මාන්තශාලා වසා දමා සේවක සේවිකායන්ට නිවාඩු ලබා දෙන ලෙසය.
ඉන්දීය ජාතික ආපදා කළමණාකරන දෙපාර්තමේන්තුවට අනුව තමිල්නාඩුවේ දිස්ත්‍රික්ක 4 ක් මේවනවිට මුළුමනින්ම ජලයෙන් යටවී තිබේ. මහ වැස්සෙන් සහ ජල ගැලීම්වලින් දරුණු ලෙස හානි සිදුවී ඇත්තේ ප්‍රාන්තයේ උතුරු වෙරළාශ්‍රිත ප්‍රදේශවලටය. චෙන්නායි විදුලි බල සැපැයුමට ද බාධා එල්ල වී ඇත.ෙ
ගතවුණු පැය 24 ක කාලය තුළ චෙන්නායි අගනුවරට වාර්තාගත වර්ෂාපතනයක් ඇද හැලුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
ජල ගැලීම් හේතුවෙන් නිවාසවල කොටුවුණු පිරිස් සඳහා ආධාර ලබා දීම සහ ඔවුන් මුදා ගැනීම අසීරු කටයුත්තක් වී ඇතැයි ද පැවැසෙයි. තමිල්නාඩුව මෙසේ අයහපත් කාලගුණයෙන් බැට කන්නේ, 'කොවිඩ් 19' වසංගතය යළි හිස ඔසවා ඇති අවස්ථාවක බව ඉන්දීය මාධ්‍ය වාර්තා සිහිපත් කරයි.
(ඒ.ඒෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තමිල්නාඩුවටත් මහ වැසි