(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


රටේ ආහාර හිඟයක  පෙර නිමිති පහළ වෙමින් තිබෙන බව විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී  අද (9) පැවැසීය.

රජය ආහාර සුරක්ෂිතතාව ගැන අවධානය යොමු කළ යුතු බවද  හෙතෙම සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

රසායනික පොහොර සම්බන්ධයෙන් ගත් මෙම අවිද්‍යාත්මක අන්තනෝමතික තීරණය තීරණාත්මක ක්ෂේත්‍ර ගණනාවකට බලපා ඇතැයි පැවසූ විපක්ෂනායකවරයා  අපනයන බෝගවලට තිබූ කීර්ති නාමය මේ හරහා විනාශ වෙමින් තිබෙන බවද සඳහන් කළේය.