
(යොහාන් භාසුර)
අග්‍රහාර රක්‍ෂණයට මුදල් අයකරගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට විරුද්ධ බවත් ‘කොවිඩ්’ අවදානම තුළ විශ්‍රාමිකයන් ද උද්ඝෝෂණ කරන තත්වයට පත්නොකළ යුතු බවත් සමස්ත ලංකා රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය පවසයි.
රුපියල් 200 ක මුදල ලබාගෙන අග්‍රහාර හිමිකම් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව කී විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය නව චක්‍රලේඛණයකින් හිතුවක්කාරීව මුදල් අයකිරීමට ලේකම්වරයාට බලයක් නොමැති බව ද සඳහන් කළේය.
සමස්ත ලංකා රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානයේ විධායක සභික එස්.එන්.බී.කේ. කරුණාරත්න මහතා ඊයේ (7) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ජනතාවගෙන් ගන්නවා කිව්ව එක අය වැයට කලින්ම පටන් ගෙන
මේ අරමුදලට මම විරුද්ධයි
මම කැමති නැහැ.
චක්‍ර ලේඛයක් හිතුමනාපයට නිකුත් කිරීමට අමාත්‍යාංශයේ ලේකම්ට නොහැක එය නිකුත් කලහැක්කේ කැබිනට් එකේ උපදෙස් පරිදිය. නමුත් දැනට විශ්‍රාම ගොස් කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන ඔහුට ඒ ගැන කැබිනට් එක දැන්වත් කිරීමට යුතුකමක් තිබුනා මෙය රජයේ මුදල් අහේනිය නිසා මුදල් ඇමතිගේ යෝජනාවක් වියහැකිය.
මම කැමති නැහැ මෙයට.
මොනවද මේ විශ්‍රාමික සංවිධාන කියන්නේ.?
මෙයට සම්පූර්ණයෙන්ම මා විරුද්ධ ය. මෙය ඉතා අසාධාරණ වැඩකි
මේ ක්‍රමයේ හොඳ වගේම නරකත් තියෙනවා. මේ රක්ෂණ ක්‍රමය සමහර කෙනෙකුට යහපතක් වෙන්න පුළුවන්. නමුත් විශ්‍රාමිකයින්ව හරියට දැනුවත් කරලා එයාලට තමන්ගේ කැමැත්ත කියන්න සුදුසු කාලයක් දීලා ක්‍රියාත්මක කළා නම් තමයි හරි...
ඉතින් ධර්මසිරි තමන් අකමැතිනම් අකමැතී කියලා ලියන්න එච්චරයි ප්‍රතිලාබ ලබන්න ඉන්න අයට අකුල් හෙලන්න එපා.
මෙම යොජනාවට අකමැති අයට අක්මැත්ත දැන්විමට දන්නවා තියෙනවා එසෙ නොදන්නවා අය කැමති බව ට සලකන බව දන්නවා ති යෙනවා මෙකෙ ඇති වැරැද්ද මොකක් ද, මෙ ම යොජනාවට බොහෝ අය කැමති යි.