(අජන්ත රත්නායක)
එළැඹෙන අයවැය විශාල බලාපොරොත්තුවක් නෑ. එවැනි බලාපොරොත්තු තබාගත හැකි තත්ත්වයක් මේ වන විට රටේ ආර්ථිකය තුළ නැහැ යැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල ආසන බල මණ්ඩල රැස්වීමක් අවසානයේ දී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි. ඉදිරි අයවැයෙන් ජනතාවට විශාල සහන ලැබේවි යැයි තමන් නොසිතන බවද ඇමැතිවරයා මෙහිදී පැවසීය.
අයවැයවලින් සහන දෙනවා කීම මුලාවක් බවත්, අයවැයකින් සහනදීම කිසිම කෙනකු බලාපොරොත්තු නොවිය යුතු බවද හෙතෙම පැවසීය.
අයවැය යනු ඒ ඒ වසරේ ඇති තත්ත්වයන්ට මුහුණදීමට හැකි වැඩ පිළිවෙළක් සකස්කිරීම වන නමුත් අවාසනාවකට මෙන් ලංකාවේ ජනතාව අයවැයෙන් වැටුප් වැඩිවීම් සහ සහන ලැබෙතැයි සිතීමට පුරුදු වී සිටින බවද පැවසීය.
අයවැය යනු නත්තල් දවසට එන නත්තල් සීයාගෙ බඩු මල්ල වැනි යැයි ජනතාව සිතාගෙන සිටින බවත් එය සම්පූර්ණයෙන්ම වැරදි බවද හේ පැවසීය. අද වන විට රටට මෙවැනි විනාශයක් සිදු වී ඇත්තේ එම වැරදි වැටහීම නිසා බවද කීය. එබැවින් අයවැය යනු ඉදිරි වසරේ රටේ අනාගතය සහ ආර්ථික වැඩපිළිවෙළ පෙන්වන කැඩපතක් බවත් එහිදී යම් සහන දීමට මෙන්ම බදු වැඩි කිරීමටත් හැකි බවද පැවසීය. අයවැයෙන් පසුව අනේ අපට මුකුත් ලැබුණේ නැහැයි යන මානසිකත්වයේ සිටීම හොඳ නැති බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයවැය ගැන විතරක් නෙවෙයි ආණ්ඩුව ගැනවත්, ඔවුන්ගේ වැඩ පිළවෙල ගැනවත් , දේසපාලුවන් ගැනවත් මහජනතාවට කිසිම විස්වාසයක් නැහැ.
මුං ඔක්කොම හොරු. හැමදාම නත්තල් මවුන්ට්, මහජන මුදල් කෝටි ගණන් හොරකම් කරන 225 හොර රුළ!
අප විමසිලිමත් විය යුත්තේ ලබන අයවැයෙන් ලැබෙන සහන නොව එවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයකට මේ රට පත් කළ සමාජ ආර්ථික ක්‍රමවේදය පිළිබඳවයි නැවත එවැනි සමාජ ආර්ථික ක්‍රමයක් ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා මෙවැනි දේශපාලකයන්ට ඉඩ සලසා නොදීම ටයි
එහෙනම් ඇමතිකමින් ඉල්ලා අස්වෙන්ඩ බැරිද.?
ලාබෙට පාර්ලිමේන්තුවෙ කට්ටියට කැන්ටිමෙන් දෙන කෑම එක දැන්වත් නවත්වන්න. පාර්ලිමේන්තුවෙ කට්ටිය ජන සේවයට ආ අය නිසා ඒ අය මේකට කැමති වෙයි. මේ දීමනා අදුන්වා දුන්නෙ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාලු. මොකද කිව්වොත් මේ රටේ නායකයන් හරි පාරෙ යනවානන් ඔය රාජ්‍ය නිලධාරීන්ගේ කොමිස්වලට තියන කෑදරකම අඩු කරගන්න පුළුවන්. කව්රු කවුරුත් වැරදි හදා නොගත්තොත් නූපන් පරපුරක රටේ දූ පුතුන් හිගමනට වැටීම වැලැක්විය නොහැකි වෙයි. එහි සාපය ඔය කාගෙත් දරුවන්ටත් වදින එකත් අමතක කරන්න එපා.