(යොහාන් භාසුර)

චීන සමගාමක් වන චින්ඩාඕ සීවින් බයෝටෙක් සමූහයෙන් ආනයනය කළ විවාදයට තුඩුදී තිබෙන කාබනික පොහොර රැගත් නෞකාවට  බේරුවල මුහුදු තීරයේ තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කළේය.

එම නැව කොළඹ වරාය ළගා වන බවට තමන්ට දැනුම්දී නොමැති බව වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

කාබනික පොහොර මෙට්‍රික්ටොන් න් 20,000 ක් සහිත ‘හිප්පෝ ස්ප්‍රීට්’ නෞකාවට කොළඹ වරායට ඇතුල්වීමට ඉඩ නොදෙන ලෙස මීට පෙර රජය වරාය බලධාරීන්ට උපදෙස් දී තිබුණි.