(ඩී.ජී.සුගතපාල)
හෝටල් කාමරයක කාන්තාවක් සමග හෙරොයින් පැකට් කරමින් සිටි හුංගම පොලිසියේ කොස්තාපල්වරයෙකු හෙරොයින් ග්‍රෑම් 28 මිලි ග්‍රෑම් 580ක් සමග අත් අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට කොග්ගල්ල පදිංචි හුංගම පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන 32හැවිරිදි කොස්තාපල්වරයෙක් සහ ගන්දර තලල්ල පදිංචි 41හැවිරිදි කාන්තාවකි.
ඔවුන් පැමිණ සිටි මෝටර් රථයද පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත. සැකකාර කොස්තාපල්වරයා හුංගම පොලිසියේ රාජකාරි කරමින් සිටියදි සැකකාර කාන්තාව සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට අනාවරණයවි ඇති අතර ඔවුන් දෙදෙනා හෝටල් කාමරයේ හෙරොයින් පැකට් කරමින් සිටියදි අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද ඔය හතර බීරි කථා, මේ රටෙ මොන නරක වැඩක් කලත් වැඩ වරදින්නෙ පාලකයන්ට සම්බන්ද නැති අයට. පොහොට්ටුවෙ එකෙක් නම් උසස් වීමකුත් ලැබෙයි අර කොල්ලෙකුට මහ දවාලෙ තඩිබාපු ඩී අයි ජි ට වගේ.
පොලිසියෙන් බෙදාහරින්නේ සුපිරි බඩු තමයි ඉතින්...