
(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව යළි ඉහළ යන තත්වයක් පෙනෙන්නට ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.
බොහෝ පිරිස් සෞඛ්‍ය නීති නොතකමින් හිතුමතේ කටයුතු කිරීම නිසා මෙම තත්වය ඇතිවන්නට ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
කොවිඩ් ආසාදිත දරුවන් හත් දෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පෙරේදා (4)ඇතුළත් කෙරුණු බව පැවසූ දීපාල් පෙරේරා මහතා රෝහලේ දැනට කොවිඩ් ආසාදිත දරුවන් 16 දෙනකු ප්‍රතිකාර ලබන බවද පැවැසුවේය.
රෝහලේ ප්‍රතිකාර ලැබූ කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව පසුගිය සතිය වනවිට හතරක් දක්වා අඩුවී පැවතුණ බවද ඔහු කීවේය.
ජනතාව සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු නොකළහොත් කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව තවදුරටත් වැඩි විය හැකි බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය නීති නිසි පරිදි අනුගමනය කිරීම වැදගත් බවද පෙන්වා දුන්නේය.
විශේෂයෙන් දරුවන් රැගෙන විනෝද සවාරි ඇතුළු අනවශ්‍ය ගමන් බිමන්වල මේ මොහොතේදී යෙදීමෙන් වළකින්නැයි තමා මවුපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවත් එසේ කටයුතු නොකළහොත් පාසල් විවෘත කිරීම පවා ගැටළු සහගත විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
විශේෂයෙන්ම මත්පැන් සාද කොරෝනා පැතිරෙන ප්‍රධාන තෝතැන්නක් ලෙස හඳුනාගෙන ඇති බව පැවසූ දීපාල් පෙරේරා මහතා එවැනි ස්ථාන හැකිතාක් මගහැර කටයුතු කරන්නැයි මවුපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බබ්බු ටික 1-5 පන්ති ඔක්කොම අරින්න කියලා දැන් කතා කියනවා.
දැන්වත් ඔය කොරෝනා බොරුව ඇයින්කරලා රට ගැන හිතලා වැඩ කරන්න. රට දැන් බංකොලොත්.