(ඩී.ජී.සුගතපාල)

බෝර 12 උණ්ඩ යෙදිය හැකි මෙරට සාදන ලද ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනකු අද සවස අත් අඩංගුවට ගත් බව නෙළුව පොලිසිය පවසයි.

නෙළුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඇලඉහල, හබරකඩ තවලම පදිංචි 34 හැවිරිදි පුද්ගලයකු සන්තකයේ තිබි මෙරට නිෂ්පාදිත බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ තුවක්කුවක් සහ එම උණ්ඩ 01ක් සොයාගෙන ඇති අතර ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරිමේදී ඔහුගේ මිතුරකු වන කරණ්දෙනිය දංගහවිල 43 හැවිරිදි පුද්ගලයකුද බෝර 12 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ තුවක්කුවක් හා උණ්ඩ 01ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

තවලම පදිංචි සැකකරු ඩුබායි රාජ්‍යයේ සිට පැමිණ ඇති අතර දංගහවිල පදිංචි සැකකරු බටහිර ඖෂධ අලෙවි නියෝජිතවරයකු වශයෙන් රැකියාව කරන බවටද අනාවරණය වි ඇත.