රාජගිරියේ කත ඝාතනය කළ කුඩ්ඩා අල්ලයි නිවසක තනිව ජීවත්වූ වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල සිරකොට ඝාතනය කර නිවසේ තිබූ මුදල් පැහැරගෙන ගිය බව කියන සැකකරුවකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් බව එම ඒකකය පැවසීය. 27 September 2021
දෙවියන්ගේ නාමයෙන් කතකට කැත වැඩක් කළ කපුවා මාට්ටු මාදම්පේ සෙම්බුකට්ටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය දේවාලයක ශාන්ති කර්මයක් සිදු කිරීමට පැමිණි කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සහා කළ බව කියන කපුවෙකු ගත් බව මාදම්පේ පොලිසිය කියයි. 27 September 2021
රත්නපුරයට සුළු ගංවතුර තත්ත්වයක් වරින්වර කඩා හැලෙන වැසි සමග පවතින අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස පහකට පළමු අදියරේ නායයාමේ අනතුරු නිකුත් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 27 September 2021
සංචාරක සිත් ගන්න වාෂ්ප දුම්රිය සේවයක් ශ්‍රි ලංකා දුම්රිය ඉතිහාසයේ ප්‍රථම දුම්රිය ගමන සංකේතවත් කරමින් කොළඹ සිට අඹේපුස්ස දක්වා වාෂ්ප දුම්රියක් යෙදවීමට සැලසුම් කොට ඇති බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි 27 September 2021
කිරිපිටි,ගෑස් සිමෙන්ති හිඟයක් කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති දැඩි හිඟයක් රටපුරා පවතින බව පාරිභෝගිකයෝ මැසිවිලි නගති. 27 September 2021
පළාත් කීපයකට විටින් විට ගිගුරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 September 2021
යොහානිගේ කළමනාකරණය ඉන්දීය සමාගමකට ‘මැණිකේ මගේ හිතේ’ ප්රතිනිර්මාණ ගීතයත් සමඟ ලොව පුරා දැඩි ප්‍රසිද්ධියක් ලබා සිටින ශ්‍රී ලංකා යොවුන් ගායිකා යොහානි ද සිල්වාගේ වෘත්තීමය කළමණාකරණ ඉන්දියාවේ මුම්බායිහි පිහිටි නම ගිය කළමණාකරණ සමාගමකට පැවරූ බව ඇයගේ දේශීය කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකයෙක් ‘ලංකාදීප’යට පැවසීය. 27 September 2021
අය වැය පියවන්න කෝටි තුන් ලක්ෂයක ණය ගනී ලබන වසරේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා දේශීය හා විදේශීය මූලාශ්‍ර වලින් රුපියල් කෝටි තුන්ලක්ෂ දහඅට දහස් හාරසියයක ණය ලබා ගැනීමට රජය අපේක්ෂා කරයි . 26 September 2021
කිරිපිටි,ගෑස් ,තිරිගුපිටි සහ සිමෙන්ති මිල නගී? කිරිපිටි ,ගෑස් ,තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (27) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිතය. 26 September 2021
කොරෝනා වයිරසය ලොවපුරා යන්නේ මෙහෙමයි ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 26 September 2021
ඩොලර් නැතිව කිරිපිටි ටොන් 360 වරායේ හිර වෙයි වානිජ බැංකුවල ඩොලර් හිඟය හේතුවෙන් ආනයනය කරන ලද කිරිපිටි මෙට්‍රික් ටෝන් 360ක අඩංගු කන්ටේනර් 16ක් කොළඹ වරායේ හිරවී ඇතැයි කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමයේ සාමාජික ආරිය කිරි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසයි. 26 September 2021
කොරෝනා ආසාදිතයන් 747ක් වාර්තා වෙයි කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 747 දෙනකු අද (26) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,13,278 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත. 26 September 2021
රටේ ඇතැම් ප්‍රදේශවල සහල් හිඟයක් වෙළඳ පොලෙහි සියලුම සහල් මිල රජය මගින් පනවා ඇති පාලන මිල ගණන් ඉක්මවා ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 26 September 2021
කප්පම් කන්න පැන්න දෙන්නා අල්ලා පොලිසියට දෙයි ගිනි අවියක් අතැතිව කප්පම් ගැනීමේ අරමුණින් කුලියාපිටිය ප්‍රදේශයේ නිවසකට කඩාවැදුනු පුද්ගලයන් දෙදෙනකු එම නිවැසියන් ගම්වාසීන් ගේ සහය ඇතිව අල්ලා පොලිසියට බාරයට පත් කළ බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය කියයි. 26 September 2021
කොරෝනා මරණ 71ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 71 දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය. 26 September 2021
කොරෝනා එන්නත අනිවාර්ය කිරීමට නීති? කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීම අනිවාර්යය කිරීම අවශ්‍ය නම් අවශ්‍යතාව අනුව ඉදිරියේදී නීතිරීති සම්මත කර ගැනීමට අවශ්‍ය පියවර ගැනෙණු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. 26 September 2021
දිනකට සංචාරකයන් 5000ක් අපෙක්ෂාවෙන් ඉදිරි මාස 03 ක කාලය තුල මෙරට සංචාරක ක්ෂේත්රයේ සුවිශේෂී වර්ධනයක් අපේක්ෂා කරන බවත්, ලබන වසර තුළ සිට දෛනිකව 5,000 ක් පමණ සංචාරකයන් මෙරටට පැමිණෙනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 26 September 2021
මංතීරුවට ගැලවූ අලිවැට ඉල්ලා ගොවී උද්ඝෝෂණයක් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත යෝජිත ඇවිදින මංතීරුවක් ඉදිකිරීම සඳහා ගලවා දමන ලද අලි වැට වහා නැවත ඉදිකරන ලෙස බල කරමින් පොලොන්නරුව,නවනගරය පත්තිනිපෙදෙස ගම්වාසීහු පිරිසක් අද පරාක්‍රම සමුද්‍රයේ වෑකන්ද මත පිහිටි පත්තිනි දේවාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයෙක නිරතවූහ. 26 September 2021
යුගදනවි ගිවිසුම අත්සන් කරද්දී අත යට ගනුදෙනුවක් සිදුවුණා යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඇමරිකාව සමග අස්සන් කළ ගිවිසුම පිටුපස අත යට ගනුදෙනුවක් සිදුවී ඇති බව පැහැදිලි යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවැසීය. 26 September 2021
එන්නත් නැවත පිරවීමේ කර්මාන්තශාලාවක් ලංකාවේ අරඹන්නැයි ඉල්ලයි කොවිඩ්-19 මර්දන එන්නත නැවත පිරවීමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ පිහිටුවන්නැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා සයිනොෆාම් එන්නත් නිෂ්පාදන සමාගමෙන් ඉල්ලීමක් කර ඇත. 26 September 2021
දෙපාවාරු නැති සිසුවියට සා.පෙළට ඒ නවයයි දික්වැල්ල රත්මලේ බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ උපතින්ම දෙපා ඇතුළු ශරීරයේ බොහෝ කොටස් අප්‍රාණික තත්වයේ පසුවන ආබාධිත දියණියක් මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේ සියලුම විෂයයන්වලට ඒ සාමාර්ථ ලබා ගැනීමට සමත් වූවාය. 26 September 2021
මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තියෙනවා - ඛනිජ තෙල් සභාපති ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඉදිරි මාසයක් සඳහා ඉන්ධන සංචිතයක් රට තුළ ඇති බවත් ඉදිරි මාස කීපයක සඳහා ඉන්ධන මිලදී ගැනීමට විදේශ සැපයුම්කරුවන් සමඟ ගිවිසුම්ගතව ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය 26 September 2021
මෝල් හිමියෝ සහල් නිෂ්පාදනයෙන් ඉවත් වෙන්න යති සහල් සඳහා රජයෙන් ඉල්ලා සිටින සහතික මිල ලබා නොදුනහොත් ලබන සතියේ සිට සහල් නිෂ්පාදනයෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ් සංගමය පවසයි. 26 September 2021
යක්කු ගස් නගිද්දී අත්සන් කළ යුගදනවි ගිවිසුම ගැන දන්නෙත් යක්කු විතරයි යුග දනවි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකාවේ සමාගමකට දීම ආරක්ෂාව අනතුරේ හෙලීමක් යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. 26 September 2021
මෙරට ඩෙල්ටා ප්‍රභේදයටත් නමක් ශ්‍රී ලංකාවේ සුලභව පැතිර යන ඩෙල්ටා කොරෝනා වයිරසයේ අනු ප්‍රභේදයට වෛද්‍ය විශේෂඥයන් වෙනම නමක් ලබාදී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ලංකාදීපයට පැවැසීය. 26 September 2021
හෙද නිලධාරීන් ආපහු කසය අතට ගන්න යයි කෝවිඩ් දීමනා සහ සහන කප්පාදුව සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් නොලැබීම නිසා හෙට (27)වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලිඛිතව දැනුම් දී තිබේ. 26 September 2021
වාහන ආනයනයට අවසර දෙනවාද තීරණය දෙසැම්බරයේ වාහන ආනයනයට නැවත අවසර ලබාදීම සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් මාසයේදී තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.වාහන ආනයනයට අවසර දෙනවාද තීරණය දෙසැම්බරයේ 26 September 2021
කෝවිඩ් අතුරු ආබාධ සහිත දරුවන් 25ක් ළමා රෝහලට කොවිඩ් වැළඳී සුවවීමෙන් පසු විවිධ අතුරු ආබාධ (බහු ඉන්ද්රිය ආසාදන) වැළඳුණු දරුවන්ගේ ඉහළ යෑමක් මුළු දිවයිනෙන්ම වාර්තාවන බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති. 26 September 2021
පොලිස් කොස්තාපල් ගංජා සමග මාට්ටු ගංජා කිලෝ හයක් යාපනයේ සිට ප්‍රවාහනය කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු ගංජා මාන්කුලම් පොලිස් මාර්ග බාධකයෙදි තවත් සැකකරුවන් දෙදෙනකු සමග අත් අඩංගුවට ගත් බව කියයි. 26 September 2021
‘ආවා’ කල්ලියේ 5 ක් අල්ලයි යාපනය දිස්ත්‍රීක්කයේ ක්‍රියාත්මක ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයින් දෙදෙනෙකු ඇතුලු 05 දෙනෙකු තියුණු කඩු තුනක්ද සමග අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි. 26 September 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026