ඇමැති - මන්ත්‍රී මත ගැටුම සමථයකට දේශපාලන පොර පිටියේ මහත් ආන්දෝලනයක් ඇතිකළ, අමාත්‍ය සරත් වීරසේකර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර මහතා අතර ගැටුම මේ වන විට සමථයකට පත් වී තිබෙන බව වාර්තා වේ. 25 September 2021
මෙවර අයවැයෙන් බදුවල පුළුල් වෙනසක් මෙවර අයවැයෙන් රජයේ බදු ප්‍රතිපත්තියේ පුළුල් වෙනසක් සිදු කරන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ට දැනුම් දී ඇත. 25 September 2021
මුස්ලිම් සිසුවියට බුද්ධාගම - සිංහල ඇතුළු සියලු විෂයන්වලට ඒ සාමාර්ථ අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්ම විෂය ඇතුලු සියලු විෂයන් නවයටම ඒ සාමර්ථ නවයක් ලබා ගැනිමට වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලේ ඉගෙනුම ලබන මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා දියණිය සමත්වුවාය. 25 September 2021
නිරිත දිගට මීටර් 100 ඉක්මවූ තද වැසි දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අද මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 September 2021
යොහානිගේ ‘‘මැණිකේ මගේ“ ගීතය ලොව ජනප්‍රියම ගීත 10 අතරට නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා ගායනා කරන ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණය ගීතය අසා තමා මහත් සතුටක් ලැබූ බව ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකා තානාපතිනී ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පැවසුවාය. 25 September 2021
ඇමැතිවරු,රාජ්‍ය ඇමැතිවරු 10ක් තාමත් මන්ත්‍රී නිල නිවාසවල ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් දසදෙනකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් තවමත් ඉවත්වී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 25 September 2021
රාජගිරිය මත් ජාවාරම්කරුට උදව් කළ අයකු අල්ලයි රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකු මෝටර් රථයේ බොනට්ටුව මතින් වැටීමට සැලසවා අනතුරට ලක් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු පිරිසට පළා යාම සඳහා මෝටර් රථයක් සැප වූ බව පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 24 September 2021
‘‘පාසල් විවෘත කිරීමට සෞඛ්‍ය නිර්දේශ බලධාරීනට දෙන්න‘‘ සෞඛ්‍ය අංශ විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට බාර දෙනු ලැබ ඇති පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය නිර්දේශ ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන්ට සෘජුවම යොමු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට අද උපදෙස් දුන්නේය. 24 September 2021
පදිකවේදිකාවේ සිටි දින හතරක සිඟිත්තාට ගම්පහ පුරපතිගෙන් රැකවරණ සිව් දිනක් වයසැති බිළිඳකු සමග ගම්පහ නගරයේ පදික වේදිකාවේ සිටි මව් පිය යුවළකට ගම්පහ පුරපති එරංග සේනානායක මහතා විසින් රැකවරණය ලබා දීමට පියවර ගනු ලැබීය. 24 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 409ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 409 දෙනකු අද(24) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 24 September 2021
“විෂයන් පහක් සමඟ සම්මාන දෙකක් තිබේ නම් උසස් පෙළ කරන්න පුළුවන්’’ මෙවර සෞන්දර්ය විෂයන්ට සාමාන්‍ය පෙළ සිසුන්ට විෂයන් පහක් සමඟ සම්මාන දෙකක් තිබේනම් උසස් පෙළ හැදෑරිය හැකි බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කීය. 24 September 2021
මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උපදේශක තනතුරට ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු සහ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයා ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. 24 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 923ක් වාර්තා වෙයි කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 923 දෙනකු අද (24) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 24 September 2021
කොවිඩ් මරණ 82ක් කොවිඩ් ආසාදිතවූ තවත් 82 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය. 24 September 2021
කොවිඩ් නිසා සමේ රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් කොවිඩ් හේතුවෙන් සමේ රෝගාබාධ ඇතිවීමේ ප්‍රවණතාවක් තිබෙන අතර ඉදිරියේදී චර්ම රෝගීීී වැඩිවීය හැකි බද කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා කීය. 24 September 2021
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි අරඹන්නැයි රදගුරු සම්මේලනය ඉල්ලයි සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට දිගින් දිගටම බාධා සිදුවීම ඔවුන්ගේ මෙන්ම සමාජයේ දියුණුවට ද බාධාවක් බැවින් තම ඉල්ලීම්වලට විසඳුම් සොයන අතරතුර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද යළි ආරම්භ කරන්නැයි ගුරුවරුන්ගෙන් හා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 24 September 2021
රට විවෘත කිරීමට අලුත් සැලැස්මක් නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු රට නැවත විවෘත කිරීමේදී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ හා සීමාවන් පිළිබඳ පූර්ණ සැලැස්මක් සකස් කිරීමට කොවිඩ් මර්දන කමිටුව අද තීරණය කළේය. 24 September 2021
පොලිස් නිලධාරියා අනතුරට ලක් කළ සැකකරු රිමාන්ඩ් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණී මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරියකු අනතුරට පත් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා අද (24) නියේග කළේය. 24 September 2021
තෙල් මිලදී ගන්න එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය ඉල්ලයි තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර් ජී.එල්.පීරිස් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර ඇත. 24 September 2021
‘සුජීවා’ ඇතින්න-පැටවා මුල් අයිතිකරුට දෙන්නැයි නීතිපති ඉල්ලයි වනජීවි හා වෘක්ෂලතා ආඥාපනතේ විධිවිධාන ප්‍රකාරව ‘සුජීවා’ ඇතින්න සහ ඇගේ පැටවා එහි මුල් අයිතිකරු වෙත මුදා හරින ලෙස නිතිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාගෙන් අද (24) ඉල්ලා සිටියේය. 24 September 2021
“රට විවෘත කළ පසු වසන්තයකට යන්න එපා’’ රට විවෘත කළ පසුව අවුරුදු සමයේදී මෙන් අප්‍රේල් වසන්තයක් උදා කරගෙන කටයුතු නොකරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එසේ වගකීම් විරහිතව කටයුතු කළහොත් කොරෝනා රැලි යළිත් මතුවීම වැළැක්විය නොහැකි බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 24 September 2021
සෙලෙන්දිවා සමාගමට එරෙහිව පෙත්සමට නව සංශෝධිත පෙත්සමක් ගොනු කරන්න කල් දෙයි අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ස්ථාපිත කළ සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට් නැමැති සමාගමට රජයට අයත් දේපල පැවරීම හෝ විකීණීම නවතාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තීබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් නව සංශෝධිත පෙත්සමක් සති තුනක කාලයක් ඇතුළත ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට අද (24) නියෝග කළේය. 24 September 2021
රැඳවියන් දෙදෙනෙකු සාමාන්‍ය පෙළ සමත් වෙයි අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු උසස් ලෙස සමත්ව ඇති බව බන්ධනාගාරය මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය. 24 September 2021
කොළඹ වරායේ අයි.ටී.ටී. තදබදයට නව දොරටුවකින් විසඳුම් කොළඹ වරායේ පර්යන්ත අතර සිදු කෙරෙන ‘අන්තර් පර්යන්ත බහලු හුවමාරුව’ හෙවත් අයි.ටී.ටී. ප්‍රවාහනයේ පවතින තදබදය අවම කිරීම සඳහා වරාය අධිකාරියේ අයි.ටී.ටී. ට්‍රක් රථ සඳහා පමණක් භාවිතා කිරීමට ජයබහලු පර්යන්තයේ අදියර හතරේ තාවකාලික දොරටුවක් ඉදිකිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා පියවර ගෙන තිබේ. 24 September 2021
“වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර තොග වහාම නිදහස් කරන්න’’ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආනයන අපනයන පාලක ජනරාල්වරියට සහ රේගු අධ්යක්ෂ ජනරාලවරයාට නියෝග කර ඇත. 24 September 2021
වයස 18 අඩු ළමයි පෝරකයෙන් ගැලවෙති දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන වයස අවුරුදු 18 ට අඩු ළමයින් සඳහා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම නොකළ යුතු බවටවූ නව සංශෝධනයක් පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය. 24 September 2021
‘‘විදෙස් ගත වන්න එන්නත් වර්ග ප්‍රශ්නයක් නෑ‘‘ ලෝක සෞඛ්‍ය සංවිධායනයේ අනුමැතිය තියෙන එන්නතක් ලබාගත් ඕනෑම කෙනෙකුට විදේශගත විය හැකි තත්වයක් උදාවිය හැකි බවත් මීට පෙර එක මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් යැයි නිර්දේශ කර තිබූ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත ද මාත්‍රා දෙකක් ගතයුතු යැයි දැන් නිර්දේශ කර ඇතැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්ජුන ද සිල්වා මහතා පැවසීය. 24 September 2021
තවත් පරිසර විනාශයක් ඇමැති අමරවීර පෙන්නයි මෙරට වරායන්ට එන නැව්වලින් ඉවත් කරන දැවිතෙල් වෙනුවෙන් නැව් සමාගම් මගින් රටට මුදල් ගෙවිය යුතුව තිබිය දී දේශීය ව්‍යාපාරිකයන් කිහිප දෙනකු එම තෙල් මුදල් ගෙවා නැව්වලින් මිල ගෙන එම තෙල් නීතිවිරෝධී ලෙස පරිසරයට මුදා හැරීමෙන් විශාල පරිසර දූෂණයක් සිදුවන බවට හෙළි වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවැසීය. 24 September 2021
කප්පම් කල්ලියක 6 ක් අල්ලයි ඩුබායි රටට පලාගොස් සැඟව සිටින පාතාල සාමාජිකයෙකු ගේ උපදෙස් මත කොස්ගම කලුඅග්ගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක කප්පමක් ඉල්ලා වරින් වර විවිධ තර්ජනය කළ එම පාතාල සාමාජිකයාගේ ගෝලබාලයන් හයදෙනකු හංවැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි . 24 September 2021
අදියර හතරකින් පාසල් විවෘත කිරීමට පියවර අදියර හතරක් යටතේ පාසල් විවෘත කරන බව අධ්‍යපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය. 24 September 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026