
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය සතුව තිබූ පවුම් 38ක රන් තැටියක් සොරාගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් කතරගමට ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පවුම් 38ක් පමණ බර මෙම රන්තැටිය බැතිමතකු 2019 වසරේ පූජා කරන ලද්දක් බවත් එම නිලධාරියා කීය.
මීට සති දෙකකට පමණ ඉහතදී මෙම රන්තැටිය සොරා ගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලිසිය වෙත ලැබී ඇතැයි උසස් නිලධාරියා කීය.
පොලිස්පති සි .ඩි .වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා ඊයේ කතරගමට පැමිණි බව උසස් පොලිස් නිලධාරියා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතරගම මහා දේවාලය සතුව තිබූ පවුම් 38ක රන් තැටියක් සොරා ගැනීම පිළිබඳ පොලීසිය මෙන්ම කතරගම දෙවියන්ද පරීක්ෂණ කරනු ඇත. දැන් හොරු ඇල්ලීමට අවස්ථාවක් ලැබී ඇත...
මිනිස්සු තමන්ගේ නැති වුණු දේවල් හොයන්න දේවාල ගානේ යනවා. දේවාලේ දේවල් නැති වුණාම කපුවන් පොලිසි යනවා...
අනිවාර්යයෙන්ම ඔය හොරකමට කපුවෙකු හෝ දේශපාලකයෙක් සම්බන්ධ ඇති...
ඔය පැත්තේ රජ පවුලක් ඉන්නවනේ... අන්න එහාට ගියා නම් හොයා ගන්න තිබුණා...
දම්පාටට හුරු තුවායක් සාලුවක් වැනි දෙයක් කරේ දාගත්ත කෙනෙක් එහෙම ඔයපැත්තේ ගැවසෙනවා කවුරුහරි දැකලා තියෙනවද?
රට කරලා තියෙන හොඳකමට පූජාවට්ටියක්වත් ඉතුරු වෙන්නේ නැහැ...!!!
දෙවියන්ට අයිති දේ රජ පවුලට අයිතියි.
දෙවියන් පොලිසි ගිහින් කන්නලව් කරනවා මේ අවනඩුව බේරලා දෙන්න කියලා...
කන්ගැට්ටෙක් ඕනෑකර තිබේ. විමසන්න.....
විකාර... ඔච්චර වටින තැටියක් දූවිලි වැදි වැදි ඔතන නිකං තිබිලා මොනවා කරන්නද? දෙවියන් ඒක දිව්‍ය ලෝකෙට ගෙනියන්න ඇති...
දැන් රටේ තියෙන ආර්ථික දුෂ්කරතා නිසා දෙවියන්ටත් අපහසුතා ඇති... එහෙනම්... !
නා... මලක් එහෙම ඔහේ කැරකුණා නම් බයවෙන්න එපා. රජ ගෙදර පරිස්සමට තියලා ඇති...
දෙවියන්ට මොකටද රත්තරන් ?
දියවඩන නිලමේ නයෙක්වත්ද ?
හොරකම වෙද්දී නිදගෙනද හිටියේ?
ඒ කියන්නේ කතරගම දෙවියන්ට තමන්ට දුන්නු දෙයක් වත් හරියට පරිස්සම් කර ගන්න බැහැ කියල නේ.
ඔය මහා රන් තැටිය හදන්න ගිය මුදලින් ඇස් පෙනීම අඩුවීම නිසා බෙහෙත් ගන්න , කන් ඇසීම අඩුවීම නිසා බෙහෙත් ගන්න වගේම ක්ලිනික් එක කුඩා දුවලා පුතාලා වෙනුවෙන් දෙයක් කලා නම් මොකද ? දේව ආශීර්වාදය හරියටම ලැබෙන්නෙ ( දෙවියෝ බලන්නේ ) ඒ වගේ දේවල් කලාමයි.
ජනතාවගේ නැති අබ්රි කම් දිවසින් පෙනිලා .දෙයියෝ ඕක මහා බැංකුවට දෙන්න ඇති කොහොමටත් පළමුවෙන්ම දෙයියන්ගෙන්ම ප්‍රශ්න කරන්න
මේවා ඉතිං දෙයියොන්ටම බලාගන්න කියන්න තියෙන්නෙ.
අයියෝ ඔච්චර වද වෙන්න එපා.හම්බන්තොට කෞතුකාගාරයේ බලන්න
දෙවියන්ට කියන්න ඕන වල්ලි අම්මාව පරිස්සම් කරගන්න කියලා .නැත්නම් මේ යන විදියට එයාවත් උස්සන්න බැරි නැහැ
තමන් සතු වටිනාදේ ආරක්ෂ කරගැනීමටවත් නොහැකි කල අනුන්ගේ දේ කෙසේ ආරක්ෂා කර දේද? අහෝ කපුවන් නොදත් හොරකම!!!!!!!!!!
දෙවියන්ගෙන් අසන්න, ඔහු සියල්ලටම වඩා දන්නා උසස් තැනැත්තා විය යුතුය!
හොඳ වැඩේ. කතරගම දෙවියන්ටත් බැරි උනානේ කොවිඩ් 19 නවත්වන්න
ඕක තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා මේ නැති බැරි කාලේ දෙවියෝ ඕක කාට හරි දුන්නා වෙන්න බැරිද ?ඒ හින්දා සී.අයි.ඩී එක ඒ ගැනත් අහලා බැලුවොත් හොඳයි
මිනිස්සුන්ට දන් දෙන්න සිත පහදින තැන්.... රටේ කරුමේ තමයි. ඕක පාසැලකට දන් දුන්නනම් සෑහෙන පිරිසක් ප්‍රයෝජන අරගෙන
වට නියරත් ගොයම් කා නම් කාට පවසම්ද මේ අමාරුව
"නැතිඋන රන් තැටිය සොයාදුන් කෙනෙකුට කතරගම දෙවියන් විසින් ඉල්ලන ඕනෑම වරමක් ලබාදෙනු ලැබේ " කියල සියලුම මාධ්‍ය වල ප්‍රචාරය කලොත් නරකද ?
කටුගෙයි වටිනා පුරාවස්තු අතුරුදහන් උනා වගේ ඕකත් බහිරවයා ගෙනියන්ඩ ඇති.. ආච්චි අම්මගේ මැණික් මල්ලට වැටුනා වෙන්ඩ බැරී ද.
මිත්‍යාදෘශ්ටියක තරම. ඔය සල්ලි වලින් දුප්පත් පවුල් කිපෙකට ගෙවල් හදලා දෙන්න තිබුණා.
අපෝ... පසුගිය කාලවල ඔය යාල අභයභූමියේ කොච්චර නිදන් හාරලා තියෙනවද .... ඒ අයමද දන්නේ නැ ....
තමන්ට හම්බවුණු දේ ළඟ තියාගන්න බැරි වූ දෙවියන්... මිනිස්සුන්ට මොන උදව් කරයිද?
පූජකරන පූජාවට්ටිවල තියෙන සල්ලි අතුරැදහන් වෙන එක ගැන කවුරැවත් පැමිනිලි කරල තියෙනවද?
අන්තිමට හොරු හොයන්න කලින් පොලිසියට දෙවියන් බේරන්න එන්න වෙනවා.
දෙවියන්ට ගරු කරනවා .එත් කතරගම දේවාලය හොර ගුහාවක් .බොරුවෙන් පිරුණු කපුවන්ට හම්බ කරන කන්න හදපු තැනක් .මේ කාපු රැල නිසා දෙවියන් අගෞරවයට පාත්‍ර වෙලා .මිනිසුන් දේවාලය පස්සේ යද්දී දේවාලය පොලීසියට යනවා නේද ?
මේ බැතිමතා මොන අදහසකින් මේක පූජා කලාද දන්නෙ නෑ. මේ මුදලින් දේවාලයට, වන්දනා කරුවන්ට, ප්‍රයෝජනවත් යමක් නලා නමිි කොච්චර වටිනවද…!
පරණ සින්දුවක් මතක් උනා .ඔද තෙද දැක හද ...ගෙනියන්නට ආවා මම ...තැටිය ගෙන යන්නට ආවා
දෙවියන්ට තමන්ගේ දේත් බලාගනන බැරිකොට අපෙ දේවල් වලට පිහිට වෙන්නේ කොහොමද
විමලරත්න කුමාරගම අපේ ගම කවිපන්තියේ කියනවා මිනිස්සුන්ගේ විශ්වාසයන්ට ගරහන්න එපා කියලා... කොහොම වුණත් කතරගම ඓතිහාසික ස්ථානයක්... එදා මිනිස්සු දෙවියන්ටවත් බය නැතිවෙලා මහදවල් සොරකම් කරනවා නම් සාමාන්‍ය ජනයාට මොකක් වෙයිද?