(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුව සහ හවුල්කාර පක්ෂ අතර ඇතිව තිබෙන අර්බුදය විසඳීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වී සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හවුල්කාර පක්ෂ අතර ඉකුත් බ්‍රහස්පතින්දා 28) රාත්‍රියේ පැවති පක්ෂ නායකයන්ගේ විශේෂ හමුව අගමැතිවරයාගේ මැදිහත්වීම මත සිදු වූවක් බවද එම ආරංචිමාර්ගවලින් පැවසේ.
ආණ්ඩුව හා හවුල් පක්ෂ අතර ඇතිව තිබෙන ගැටුම විසදීම සඳහා මැදිහත් වන්නැයි දේශපාලන පක්ෂ ගණනාවක නායකයන් අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි .
අගමැතිවරයා ඊට මැදිහත්ව සිටින්නේ එම ඉල්ලීම් අනුව බවද දැනගන්නට තිබේ .
මේ අතර, මතුවන දේශපාලන ප්‍රශ්න සහ ආර්ථික කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආන්ඩුවේ පක්ෂ නායකයන්ගේ හමුවක් සෑම මසකම පැවැත්වීමට ද තීරණය කර ඇතැයි වාර්තා වේ .
යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් ආණ්ඩුව සහ හවුල්කාර පක්ෂ අතර දේශපාලන මත ගැටුමක් මේ වන විට හටගෙන තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ... කචල් නේද? දැන් විපක්ෂය භේද බින්න වෙලා කියලා ඔයාගේ ගෝලයෝ පාරම් බෑවා නේද? දිට්ඨධම්ම වේදනීය කර්මය කියන්නේ මේකට...
බොරුව, හොරකම, ගසා කෑම සදාකාලික නැහැ. ජවිපෙ මෙයිට වැඩිය පොළවේ පයගහලා වෙනස් වුණොත් ඔවුන්ට පැහැදිලියි.. ඉක්මන් අනාගතයක් තියෙනවා. ජවිපෙ සමහර ප්‍රතිපත්ති රටේ බහුතර ජනතාවකට පිළිගන්න පුළුවන් තත්වයක නැහැ...
එක්කෙනෙකුට අලුත් වී8 එකයි... කෝටි 5යි ගානේ දීලා බලන්න.
දැන් අරගොල්ලන් කියයි ගිවිසුම තනිකරම දේශ ප්‍රේමී එකක්... ඒක නිසා අපි සහයෝගය දෙනවා කියලා...
කොල්ලෝ... ඔය ෆේල් ටික මෙහෙ ගේන්න... කවුද කෑගහන්නේ කියලා බලන්න...
සුපර් ස්ටාර් නළුවා... වීරයාගේ චරිතයට...
කට්ටියක් මාධ්‍යයට ඇවිත් පොඩි පක්ෂවලට බනින්නෙ බොස්ලාගෙන් ඒ අයට ලකුණු ලැබේ යැයි හිතාගෙන. බොස්ලා කට්ටියව යාළු කරන්න හදනවා. මේ අය විලියම් ෂේක්ස්පියර්ට වඩා නාට්‍යය සඳහා දක්ෂයි වගේ. මෙවැනි උපාය ක්‍රම සමාජයේ එකතරා කොටසක් තම දිනපතා පැවැත්මට උපයෝගී කරගත්තත් රට පාලනය කරන මිනිස්සුත් මෙසේ කිරීම නින්දිතයි...
වාහන ටිකක් බෙදලා දෙන්න... සියලු රෝග නිවාරණයි...
බැසිල්ගේ ක්‍රියාව සහ ඔබේ උදාසීනත්වය ගැන අගමැති ලෙස ඔබ ලැජ්ජා විය යුතුය!