(සුජිත් හේවාජුලිගේ)

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මල්වතු මහා විහාර පාර්ශවයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අනිද්දා (31) ඉරුදින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත.

මේ අනුව එදින කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල සියලුම සුරාසල් වසා දැමෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙයට අමතරව ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල සතුන් මරන ස්ථාන සහ මස් මාංශ අලෙවි සල් සියල්ලද එදින වසා දැමේ.

මෙම යෝජනාව සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරීමටද නියමිතය.