රිෂාඩ් 5 තෙක් යළි රිමාන්ඩ් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන මස 05 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. 21 September 2021
“චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා’’ පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාට බලපෑම් එල්ල කළ බවට කරන චෝදනාව ඉතාමත් වගකීමෙන් යුතුව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් එම චෝදනාවෙන් රට තුළ වැරදි මතයක් නිර්මාණ වී තිබීම නිසා ඒ මහතාට ඕනෑම මාධ්‍ය ආයතනයක විවෘත සාකච්ඡාවකට ආරාධනා කරන බවත් සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට පැවසීය. 21 September 2021
අලි නිදහස් කළාට තවත් චෝදනාවක් අලි ඇතුන් නිදහස් කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනයේ දී වංචනිකව හෝ හිතා මතා හෝ බලපෑමක් මත තමන්ට පැවරී තිබූ බලතල නිසි ලෙස ක්‍රියාත්මක නොකළ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන කිහිපයක් අද (21) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර ඇත. 21 September 2021
ජනාධිපතිවරයා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කිරීම ගැන සතුටු වෙනවා ජනාධිපතිවරයා සාකච්ඡා සඳහා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කිරීම ගැන තමා සතුටු වන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවැසීය. 21 September 2021
විනිමය කොමිෂන් සභා පනත අද සිට බලාත්මකයි ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා නැමැති පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පෙරවරුවේ සිය සහතිකය සටහන් කළේය. 21 September 2021
කොරෝනා සුව වුණත් සුව නොවන වසංගතයක් ගැන පාඨලී කියයි මූල්‍ය වෙළෙඳපොළට රට විවෘත නොවීම නිසා අද රට බංකොලොත් වීමේ අවදානමක් තිබෙන බවද කොරෝනා සුව වුණත් ආර්ථික අර්බුදය නැමති භයානක වසංගතය රටේ පැතිරී යනු ඇතැයි ද සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 September 2021
බීමතින් රාජකාරි කළ පොලිසියේ දෙදෙනකුගේ වැඩ තහනම් මහේස්ත්‍රාත්වරයකු ගේ නිල නිවසේ බීමතින් ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි බව කියන කටුගස්තොට පොලීසියෙ නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 21 September 2021
’ මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප දෙනවාද හෙළි කරන්න ‘ මහබැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප දෙනවාද? නැද්ද?යන කාරණය සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා වහාම පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය. 21 September 2021
“ප්රජාතන්ත්රවාදයට ගරු කරමින් ජාත්‍යන්තරය සමඟ අත්වැල් බැඳගන්න ’’ ප්රජාතන්ත්රවාදයට සහ මානව අයිතිවාසිකම් අයිතිවාසිකම් වලට ගරු කරමින් ජාත්‍යන්තරය සමඟ අත්වැල් බැඳ ගනීමෙන් රටේ ඉදිරි ගමන් මග සිදුවිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පැවසීය. 21 September 2021
’පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා පත්කිරීමේ සිද්ධියට කිසිදු දේශපාලන බලපෑමක් නැ’ පාදුක්ක පොලිස් ස්ථානයට නව ස්ථානාධිපතිවරයෙක් පත්කිරීමේ ක්‍රියාවලියට දී කිසිඳු දේශපාලනයක් ගෑවී නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය. 21 September 2021
‘අසාද් සාලිගේ’ පත්සම සළකා බලන්න දිනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් , තමන්ව නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ඔක්තෝබර් මස 4 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියම කළේය. 21 September 2021
“රටවල් කිහිපයක් තවමත් ලංකාවට සංචරණ සීමා පනවලා’’ ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජර්මනිය, කැනඩාව, ස්පාඤ්ඤය, චීනය, සිංගප්පූරුව යන රටවල් තවමත් ශ්‍රී ලංකාවට සංචරණ සීමා පනවා ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 21 September 2021
කබ්රාල්ට මහ බැංකුව දීම කාවුන්ට රෙදි අල්මාරිය දුන්නා වගේ නිවාඩ් කබ්රාල් මහ බැංකුවට යළි පත් කිරීම කාවුන්ට රෙදි අල්මාරියක් දුන්නා වගේ යැයි සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 September 2021
හිග විදුලිබිල් ගෙවීමට සහනයක් කොවිඩ් තත්වයක් සමග රට තුළ ඇති වී ඇති ආර්ථික පසුබෑම හේතුවෙන් විදුලි බිල්පත් ගෙවීමට නොහැකි වූ විදුලි පාරිභෝගික ජනතාවට හිඟ විදුලි බිල්පත් කොටස් වශයෙන් ගෙවීමට මාස 24 ක සහන කාලයක් දීමට කටයුතු කරන වන බව අද (21) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය. 21 September 2021
’ඖෂධ අධිකාරියේ දත්ත අතුරුදන්වීමෙන් මහජන ආරක්ෂාව අවදානමේ’ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදහන්වීමෙන් රටේ මහජන ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවැසීය. 21 September 2021
හිටපු මන්ත්‍රී රංජිත් අලුවිහාරේටත් කොරෝනා මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතාද කොවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 21 September 2021
ෆයිසර් මුලින්ම උසස් පෙළ දරුවන්ට අපොස උසස් පෙළ විභාගයට මෙවර පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ෆයිසර් එන්නත පළමුවෙන්ම ලබාදීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද(21) පැවැසීය. 21 September 2021
රැඳවියෝ සාකච්ඡා ප්‍රතික්ෂේප කරති පොදු සමාවක් ලබාදෙන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ වහලය මත නැඟී විරෝධතාවක නිරතව සිටින දිර්ඝකාලීන සිරදඬුවම් විඳින රැදවියන් දස දෙනකු පමණ සාකච්ඡා ප්‍රතික්ෂේප කරමින් තවදුරටත් වහල මත රැඳී සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය. 21 September 2021
විදුහල්පති සංගමයේ සභාපති-ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ සාමාජිකාවක් සී.අයි.ඩී යට ශ්‍රී ලංකාවේ ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් පරාක්‍රම වික්‍රමසිංහ මහතා සහ ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ සාමාජිකාවක් අද (21) ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත. 21 September 2021
හොර වීසා වලින් ඉතාලි යන්න ගිය දෙදෙනක් අත්අඩංගුවට කූඨ ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අද 21 අලුයම කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශ දේශසීමා ආවේක්ෂණ ඒකක නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ . 21 September 2021
අතිවිශාල ඩොලර් ප්‍රමාණයක් ගුවනින් යනවා ශ්‍රී ලංකා රජය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට රටතුළ ඇති ඩොලර් ආරක්ෂා කිරීමට නම් ගුවන්තොටුපළ හරහා රටින් පිටවන අතිවිශාල ඩොලර් ප්‍රමාණය නැවැත්වීමට හැකි ඉක්මණින් පියවර ගතයුතු යැයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. 21 September 2021
රටට අහිතකර කාබනික පොහොර ටෙන්ඩරය වහා අවලංගු කරන්න රටට අහිතකර කාබනික පොහොර ටෙන්ඩරය වහාම අවලංගු කොට රටට හිතකර කාබනික පොහොර ගෙන්වීමට රජය කටයුතු කළ යුතුව ඇතැයි ද විනාශකාරී පොහොර ගෙන්වීමට සුදානම් වූ පාර්ශවයන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයිද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 21 September 2021
ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි ජයන්ත කැටගොඩ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද(21) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 21 September 2021
නාගරික මන්ත්‍රීවරිය කොරෝනාවෙන් මරුට කොවිඩ් 19 වයිසරය ආසාදිතව සිටි වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක ජිවිතක්ෂයටපත්ව ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි. 21 September 2021
‘‘සිරකරුවන්ගේ ඉල්ලීම් අපට ඉටුකරන්න බෑ‘‘ වැලිකඩ බන්ධනාගාර චැපල් වාට්ටුවේ වහලය මත නැග විරෝධතාවයේ නිරත සිරකරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට තමන්ට හැකියාවක් නැතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 21 September 2021
අද විටින් විට ගිගුරුම් සහිත වැසි සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (21) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 September 2021
‘‘අවංකව සේවය කළ මා පැන්නිමට ඇමැතිවරුන් දෙන්නකු මුල්වෙලා‘‘ සතොස ආයතනයේ දූෂණ වංචා ඇතුලු විවිධ අක්රමිකතාවලට එරෙහිව කටයුතු කිරීමත් සමග කලබලවී ඇති ඇමැතිවරුන් දෙදෙනා තමා එම තනතුරින් ඉවත් කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් අරඹා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය. 21 September 2021
ජනපති හා කුවේට් අගමැති අතර හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් - හමාඩ් අල් - සබා මහතා නිව්යෝර්ක් මෑන්හැට්න්හි දී හමුවිය. 21 September 2021
යුගදනව් බලාගාර ගිවිසුමට ආණ්ඩුවේ හවුල් පක්ෂ 10ක විරෝධය කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා ගෙන ඇති තීරණයට විරුද්ධවීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් තීරණය කර ඇත. 20 September 2021
ලංකාදීප වෙබ් පුවත ඵලදරයි:ගම්පහ රෝහලට වෛද්‍ය උපකරණ කොරෝනා වයිරසය ආසාදිත රෝගීනට ප්‍රතිකාර කිරිම සඳහා ගම්පහ දිස්ත්‍රික් මහා රෝහලට රුපියල් ලක්ෂ 23ක පමණ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යා කිරීමට ව්‍යාපාරිකයෙක් අද කටයුතු කළේය. 20 September 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026