(රා.මු.සු රත්නායක)

අනුරාධපුර නගරයේ ඉකුත් දින තුන තුළ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයෙන් කොරෝනා වැළඳුණු  දරුවන් 20 දෙනකු හඳුනා ගත් බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බී. රත්නායක මහතා පවසයි.

එම ආසාදිතයන් සියලු දෙනා වයස අවුරුදු 12 අඩු දරුවන් බව ද සෞඛ්‍ය අංශ කියයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයෛන් ඉකුත් 24 වැනි දා කොරෝනා ආසාදිතයන් 16 දක්වා අඩු වී තිබූ බවත් එය අද වන විට 100 ඉක්මවා ඇතැයි ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මෙයින් වැඩි පිිරිසක් වාර්තා වන්නේ අනුරාධපුර නගර සභා බල ප්‍රදේශයෙන් බව  ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.