
(යොහාන් භාසුර)
‘කොවිඩ්’ මර්දන එන්නත ස්වෙච්ඡාවෙන් ලබාගත යුතු එන්නතක් වීම නිසා රජයට බලකිරීමක් කළ නොහැකි වුවද ප්‍රජාතන්ත්‍රවාදී රජයක් හැටියට බහුතරයේ යපත සඳහා එන්නත ලබානොගත් පුද්ගලයන්ට පොදු ස්ථානවලට ඇතුල්විය නොහැකි තහනමක් පැනවීමේ තීරණයක් ගැනීමේ අවස්ථාව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
පුද්ගලයකුට තමන්ගේ ජීවිත ආරක්‍ෂා කරගැනීමේ අයිතිය තිබෙන්නාක් මෙන්ම ඔහුට සෙසු අයගේ ජීවිත අනතුරට පත්කිරීමට අයිතියක් නැති බව කී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මුළු යුරෝපයේම පොදු ස්ථාන සම්බන්ධයෙන් එවැනි නීතියක් ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.
පොදු ස්ථානවලට යම් වයිරස් එනවා දැන දැන වගකිවයුතු රජයක් හැටියටත් එම පුද්ගලයාටත් වගකීමෙන් බැහැර විය නොහැකි බවත් බහුරතයකගේ යපත සඳහා එවැනි තීරණය ගතහැකි බවත් අමාත්‍යවරයා කීය.
නොවැම්බර් මස 1 වැනිදා සිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි පෙළ සේවකයන්ගෙන් ආරම්භ කර ආරක්‍ෂක අංශ ආදී ලෙස තෙවැනි මාත්‍රාව ලබාදෙන බවත් කී සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රජය සතුව ‘ෆයිසර්’ එන්නත් මාත්‍රා මිලියන දෙකක් ඇති අතරම තවත් මිලියන 14.5 ක් ඇනවුම්කර ඇති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන හිමිකම් එන්නත නිසා අහිමි කරන්න පුලුවන්ද
මම ඇහුන්කන් දුන්නා.ඔබේ අදහස හරියටම හරි.ඔන්න ආණ්ඩුවේ හොද තීරණයක්.
මොන තහනම දැම්මත් චීන ජරාවනම් ගහන්නේ නෑ. ඔයාලා ගහගත්ත ෆයිසර් ගේන්නකෝ අපි ගහගන්නම්
ඒක හොද වැඩක්
ඇතැම් රටවලනම් එන්නත ජනතාවට ලබාදෙන්නට පෙර ප්‍රසිද්දියේම හැමෝටම දැකගන්නට පුලුවන් පරිදි රාජ්‍ය නායකයත් තමන් ලබාගන්නෙ මොන එන්නතද යන වග ජනතාවට දැකගන්නට ඉඩ සැලැස්සුව....හැබැයි අපේ රටේ අඩුම තරමින් ප්‍රා දේශීය නායකයෙකුවත් මම දැක්කෙ නැ එවැනි ආදර්ශයක් ලබාදෙන අන්දමක් කිසිම තැනක...අනෙක් දෙය තමා බහුතරක් ජනතාව ඔය වෛරසය මේ රටට ගෙනාවෙ නෑ කියන කාරණය...එහෙම උනොත් විදේශයන්හි සිට පැමිනෙන සුළු කොටසක් නිසා මේ රටට මේ තරම් විපත්තියක් කිරීම සම්බන්ධයෙන් අදාල බලදාරීන්ට විරුද්ධව නීතිමය කියාදාමයක් ගැනිමට බහුතර මෙයට කිසිලෙසකින් සම්බන්ධ නැති ජනතාවටත් ඉඩ ප්‍රස්ථාවක් තියෙන්න ඕන....අනෙක් කාරණය තමා එන්නත ලබාගත් කෙනෙකුගෙන් රෝගය අනෙක් කෙනෙකුට බෝවෙනවනම්...එන්නත ලබානොගත් කෙනෙකුගෙන් රෝගය එන්නත ලබා ගත් අයෙකුට බෝ වෙනවනම් මොකක්ද මේ එන්නතින් ඇති ප්‍රෙයා්ජනය කියන එක...කල යුතු දේ පසෙකලා ගැටළුවට අදාලම නැතිදේවල් කිරීමේ ඇති ප්‍රෙයා්ජනය කුමක්ද කියන එක තමා මටනම් ඇති ගැටලුව...
මම ඉන්නෙ පිට රටක. මේ රටේ එන්නත් නොගත් අයව තමන්ගේ කාර්යාලයටවත් ගන්නෙ නෑ. කිසිම කුඩා කඩේකටවත් ඇතුල් වෙන්න බෑ. එම නීතිය ලංකාවේද ක්‍රියාත්මක විය යුතුයි . හැම දේකටම රටේ නැති නීති රීති කතා කරමින් තමන්ගේ යුතුකම ගැන නොසිතා වැඩකරන බකපන්ඩිතයන්ව හදන්න බෑ වෙන ක්‍රමයකට.
පාර්ලිමේන්තුවේ අය ෆයිසර් ගහගත්තා.ෆයිසර් මිලට වඩා වැඩියෙන් ගෙවා චීන එන්නත් ගෙනත්,ඒවා රටේ ජනතාව ට විදිනවා.එතකොට කොමිස් මුදල් ගැන කව්රුන් හෝ නඩු දැම්මොත්... අනිත් කාරණේ තමයි එන්නත් දෙකම විද්දත් මැරෙනවා.චීන එන්නත් හොඳ නිසා වෙන්න ඇති චීන එන්නත් විඳපු අයට තෙවැනි බූස්ටර් එන්නතක් ලෙස ෆයිසර් එන්නත ගහන්න කියා නිර්දේශ කරන්නේ.
හොඳ අදහසක් ඉස්සෙල්ලා හැමෝටම එන්නත් කරලා ඉවර කරා නම් හ.ඳයි .දැනට 60% ගහලා තියෙන්නේ .