
(මනෝප්‍රිය ගුණසේකර)
කතෝලික පල්ලි හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට නිශ්චිත තොරතුරු ලැබී තිබියදී එය වැලැක්වීමට කටයුතු නොකළ බවට හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහි නඩුවේ සාක්කි දීම සඳහා ලබන 22 වනිදා අධිකරණයෙ පෙනී සිටින ලෙස නියම කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහතාට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කළේය.
හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහි නඩු විභාග කිරීමට දින නියම කොට ඇති ලබන 22 වැනිදා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙනී සිටින ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට මෙලෙස සිතාසි නිකුත් කෙරිණි.
නඩුවේ පැමිණිල්ල මෙහෙයවමින් නීතිපතිවරයා නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් සාක්කි ලබා ගැනීම සඳහා රාජ්‍ය බුද්ධි ප්‍රධානියා මෙලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට කැඳවා ඇත.
නීතිපතිවරයාගේ ඉල්ලීමට අගවිනිසුරුවරයා විසින් පත්කරන ලද නාමල් බලල්ලේ, ( සභාපති )ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේමසිරි එදා කිව්වෙ මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවෙ නැහැ කියලා .කොහොම වුනත් තමා ජනාධිපති දැනුවත් නොකලානම් බලවත් වරදක් කරල තියෙනවා ජනාධිපති දැන්වත් කර ලැබුණු උපදෙස් අනුව ඔබලා කටයුතු කලානම් සත්‍ය කියන්න