(යොහාන් භාසුර සහ සුජිත් හේවාජූලිගේ)
පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී සිටින සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයකට යටත්ව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ වෛද්‍ය සැපයුම් හා සුබසාධන කොට්ඨාසයට මාරුකිරීමට පොලිස්පතිවරයා නියෝග කර ඇත
සබරගමුව පළාතේ වැඩ ආවරණය කිරීමට කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කේ. පී. එම්. ගුණරත්න මහතා පත්කර ඇති බවද වාර්තා වේ.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම කරලා මදි. වන්දියක් දිය යුතුයි
මේ ගැන පොලිස් ඇමති මොනවද කියන්නේ.?
මෙයාගේ පියා හිටපු පොලිස්පති කෙනෙක් නේද ?
රත්නපුර පානදුර මාර්ගයේ ගොරක ඇල ප්‍රදේශයේදී මොහුගේ වාහනය පසුකර යාමට ගිය තරුණයෙකුට පහර දීමක් හේතුවී තියෙන බව පුවත්පත් වලින් දැක්කා .ඒ වෙලාවෙ මොහු බීමත්ව සිටි බව කියවෙනවා. ඒ ගැන (ආයතන සංග්‍රහය අනුව ) පරීක්ෂණ නැද්ද
ස්ථාන මාරුව පමණක් ප්‍රමාණවත් නොවන අතර පුද්ගලයෙකුට මෙලෙස පහරදීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව හෝ අමාත්‍යාංශය මගින් සිදු කෙරෙන අපක්ෂපාතී විනය පරීක්ෂණයේ ප්‍රතිඵලයත් ජනතාව බලාපොරොත්තුවෙන් සිටිනු ඇත. විශේෂයෙන්ම පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවන් හි ඉහළ තනතුරුවලට පත් කිරීමේදී එය දරා ගනිමින් මහජනතාව සමග කටයුතු කිරීමට හැකිදැයි යන්න පරීක්ෂාවට ලක් කිරීම පිනිස මානසික පරීක්ෂාවකට ලක් කිරීම උචිත වනු ඇත.
ඉහල නිලයක් දරන මෙවන් නිලධාරීන් මුළු පොලිසියම කෙළසනවා. මොහුගේ ඉතිහාසය තුල මෙවන් පෙර ක්‍රියා වාර්තා වී ඇති හෙයින්, එම අවස්ථාවල හරියට නීතිය ක්‍රියාත්මක වුවා නම් මොහුට මෙතරම් දුරක් පොලිසියේ ගමන් කල නොහැක. නීතිය, නීතිය ආරක්ෂා කරන්නන් අධිකරණය සහ විනිසුරන්, නීතියේ පරමාදිත්‍ය විනාශ කරනකොට, සාමාන්‍ය මිනිසුන් නීතිය අතට ගැනීම ගැන කුමන කථාද?
දඩුවමක් දකින්නේ නැහැ මේ මාරු කිරීමක්
තවත් මේ වගේ ගෝත්‍රිකයෙක් ගෙදරට යන්නේ පාරේ මැද වාහනේ නතර කරලා ,පොලිස් උන වැඩි කල් නෑ
මහ උන්ගේ ඕඩර් ක්‍රියාත්මක කරන්න ගිහින් සොක්කෝ ඇතුලේ නිතර මෙනෙහි කරන්න .වීඩියෝ කරගත්තොත් විතරයි නීතිය බාගෙට හරි ක්‍රියාත්මක වෙන්නේ
මහා එවුන් හිරේ යවන්න ඕන. ඒ වුනාට, පොඩි එවුනුත් හරියට ඉන්න ඕන. ලංකාවේ හැම එකාගේම ඔලුව ගෙඩිය එළියෙන් තියෙනවට වඩා ඇතුලෙන් ලොකුයි