(ඩයනා උදයංගනී)
දිවයින පුරා වැලි බෙදාහැරීම් කටයුතු ලබන වසරේ සිට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ සිදු කිරීමට අවධානය යොමු වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
වැලි බෙදාහැරීමේ දී අතරමැදියන් වැලි මිල දී ගන්නන්ගෙන් ඉහළ මිලක් අයකිරීම වැළැක්වීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බව ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ වැලි බෙදාහැරීමේ කටයුතු විධිමත් කිරීම සඳහා වැලි තොටුපොළ හිමිකරුවන් හා ටිපර් රථ රියදුරන් සමග පැවැති සාකච්ඡාවක දීය.
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ වැලි බෙදාහැරීමේ කටයුතු කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද තමන්ට උපදෙස් දුන් බව අමා්‍යවරයා වැලි බෙදාහැරීමේ දී අතරමැදියන් විසින් පාරිභෝගිකයින් ගසා කෑම වැළැක්වීම සඳහාත්, ගුණාත්මකබවින් ඉහළ වැලි මහජනතාවට ලබාදීමත් අරමුණු කර ගනිමින් මෙම පියවර ගන්නා බව කීවේය.
දැනට වෙළෙඳපොළේ වැඩිම ඉල්ලුමක් ඇත්තේ මනම්පිටිය වැලිවලට වුවත් ඇතැම් අතරමැදියන් මනම්පිටිය වැලිවලට වෙනත් වැලි මිශ්‍ර කර වැඩි මිලකට අලෙවි කරන බව කී මහින්ද අමරවීර මහතා මේ වනවිට මනම්පිටියෙන් රුපියල් 4,830කට මිල දී ගන්නා වැලි කියුබ් එකක් වෙළෙඳපොලට එනවිට රුපියල් 6,550ක් දක්වා ඉහළ යන්නේ ද අතරමැදියන් සිදු කරන ගසා කෑම නිසා බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන ආධාරකරුවන් පාලනය කරගන්නට හැකිවීම ගැන සතුටුයි. වැඩි මනත් ඔය නීති විරෝධී වැඩවලට ඔය වගේ අයවලුන් සම්බන්ධ බව ප්‍රසිද්ධ රහසක්. කෙටි කාලීන ජයග්‍රහණයක් වෙන්න ඕනෙ. ඒ වුනත් හොදයි කියල කියමුකො.
ඇමැතිතුමා මොන වෙළඳපල ගැනද කියන්නේ..? මනම්පිටියෙන් නොවේ අල්ලපු වත්තෙන් ගොඩදාපු වැලි කියුබ් එකක් වුණත් මෙහෙ රුපියල් 14000-16000 අතර යන්නේ. ඔබතුමාට ඔය වැඩේ ඇත්තටම හරියට කරන්න ඕනෑනම් මාධ්‍ය සාකච්ඡා තියන්න කළින් එළියට බැහැලා ටිකක් මිලගණන් සොයාබලන්න. නැතිනම් ඕවා සංදර්ශන විතරක් වෙනවා.