
( තිළිණි ද සිල්වා සහ ටී.කේ.ජී.කපිල)
ගුවන් මගීනට තත්පර 20 ක් ඇතුළතදී ලියාපදිංචි වීමට හැකි මාර්ග ගත ක්‍රමවේදයක් හදුන්වා දුන් බව ඇතැයි ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක පවසයි.
කටුනායක ගුවන්තොටුපලේ සිට මගීන් හැසිරවීමේ ක්‍රියාවලිය පහසු හා කාර්යක්ෂම කිරීම සඳහා හදුන්වා දී ඇති මාර්ග ගත සෞඛ්‍ය ප්‍රකාශන පද්ධතියක් හරහා එලෙස ලියාපදිංචි වීමට ගුවන් මගීන්ට අවස්ථාව හිමිවන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
ගුවන් මගී හැසිරවීමේ ක්‍රමවේදයේ වර්තමාන වෙනස්කම්වලට අවධානය යොමු කරමින්, වඩාත් කාර්යක්ෂම හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් සහිත නව මාර්ග ගත සෞඛ්‍ය ප්‍රකාශන පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කළ බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එහිදි කිසිදු කඩදාසියක් ප්‍රයෝජනයට නොගන්නා බව ද අමාත්‍යවරයා කියා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. සංචාරක ව්‍යාපාරයට රුකුලක්. ස්තුතියි. ජයන්ත මාන්නක්කාර.
හොඳ වැඩක්