(යොහාන් භාසුර)

ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් කිලෝවක් රුපියල් 98 බැගින් සතොස වෙළෙදසල්වලින් අළෙවි කරන බව වෙළෙඳ අමාත්‍යංශයේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

මෙහිදී පුද්ගලයකුට වරකට සහල් කිලෝ තුන බැගින් නිකුත් කරන බව කී එම නිලධාරියා සහල් තොග රැස්කර වැඩි මිලට විකිණීම වැළැක්වීමේ පියවරක් ලෙස එසේ සීමාකර නිකුත් කරන බව ද සඳහන් කළේය.

මෙම සහල් තොගයෙන් සමූපකාර හරහා ද ජනතාවට සහල් සැපයීමට නියමිත බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.