ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණීජ මණ්ඩලය සහ වරලත් කළමණාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය සමග ‘ඩේලි එෆ් ටී’ පුවත්පත මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රශංසනීය සමාගම් 2021 සම්මාන උළෙල’ පෙරේදා 27 වැනිදා පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණී.
එහිදී වඩාත් ප්‍රශංසනීය සමාගම් 10ක් හා ගෞරවනීය සමාගම් පහකට අමතරව ලංකාවේ ප්‍රකට ව්‍යාපාරික නායකයෝ පස් දෙනෙක් ද වඩාත් අගය කළ නායකයෝ ද සම්මාන කාණ්ඩය යටතේ ඇගැයීමට ලක්වූහ.
මේ යටතේ ප්‍රවීණ බැංකුකාරිණීයක සහ ආසියානු බැංකුවට ප්‍රථම කාන්තා සාමාන්‍යාධිකාරිවරියක වන රෝහිණී නානායක්කාර මහත්මිය මූල්‍ය ක්ෂේත්‍රයට දක්වන ලද විශිෂ්ඨ දායකත්වය වෙනුවෙන් වඩාත් ප්‍රශංසනීය නායිකාවක ලෙස පිළිගැනීමට ලක්වූවාය.
මෙහිදී ජේට්වින් ට්‍රැවල්ස් හි සභාපතිනිය සහ කළමනාකාර අධ්‍යක්ෂ ශිරෝමාල් කුරේ ආගන්තුක ෂත්තාර සහ සංචාරක කර්මාන්තයේ කාන්තා නායකත්වය සදහා වඩාත් අගය කරන ද නායිකාවක් ලෙස පිළිගැනීමට ලක්වූවාය.
ඇක්සස් සමූහ’ව්‍යාපාරයේ නිර්මාතෘ සභාපති සුමල් පෙරේරා මහතා නව්‍යකරණයන් සදහා වූ ව්‍යාපාරික ජයග්‍රහණ සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඇති නවීන ව්‍යාපාරික පිළිවෙත් ප්‍රවර්ධනය කිරිම සදහා වඩාත් ප්‍රශංසනීය නායකයකු ලෙස පිළිගැනීමට ලක්විය.
සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් හි සභාපති අශෝක් පතිරගේ නවෝත්පාදන සදහා ව්‍යවසායකත්වය සහ සිල්ලර වෙළෙදාම සහ සෞඛ්‍ය සේවා ඇතු`ථ ක්ෂේත්‍ර ගණනාවක අති නවීන ව්‍යපාර පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම සදහා වඩාත් ප්‍රශංසනීය නායකයකු ලෙස සම්මානයට පාත්‍ර විය.
කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ සභාපති දිවංගත රාජේන්ද්‍ර රාජමහේන්ද්‍රන් මහතා ස්වාධීන මාධ්‍ය ක්ෂේත්‍රයේ ඔහු කළ විශ්ෂ්ඨ දායකත්වය වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය.
පිළිගත් හොඳම සමාගම් දහය වූයේ කාගීල්ස් සිfාල්න් පී. එල්. සී., සී. බී. එල්. ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්, සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස්, කොමර්ෂල් බැංකුව, ඩිල්මා සිලෝන් තේ සමාගම, හැටන් නැෂනල් බැංකුව, එල්. ඕ. එල්. සී. සමාගම, එන්. ඩී. බී. එන් එස් බැංකුව සහ මහජන බැංකුවය.
ගෞරවනීය සමාගම් පහ වූයේ අබාන්ස් සමාගම, ලංකා බැංකුව, ඩී එෆ් සී සී බැංකුව, ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම සහ සන්ෂයින් හෝල්ඩින්ග්ස් ය.
කැප්ෂන් මූල්‍ය ක්ෂේත්‍රයට දක්වන ලද විශිෂ්ඨ දායකත්වය වෙනුවෙන් රෝහිණී නානායක්කාර මහත්මිය තමාට හිමි සම්මානය එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතින් ලබා ගත් අවස්ථාව. ලංකා වාණීජ මන්ඩලයේ සභාපති විශ් ගෝවින්දසාමි, කොළඹ පුරපති රෝසි සේනානායක යන මහත්ම මහත්මීහු ද ඡායාරූපයේ වෙති.
(ඡායාරූපය: ගයාන් අමරසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd