
(නිමන්ති රණසිංහ)
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකු එරෙහි නඩු තුනක් තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ලබන 03 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (29) එම කොමිසමට නියෝග කළේය.
මෙම නඩු තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් ඇද්ද යන්න සම්බන්ධයෙන් දැනුම් දීම සදහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙසට අල්ලස් කොමිසම අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළ නඩු තුනක් අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (සතොස) සේවකයින් 153 දෙනෙකු සිය නිල රාජකාරියෙන් පරිබාහිර කටයුතුවලට යොදවා අතිකාල දීමනා වශයෙන් රුපියල් හාර කෝටියකට අධික මුදලක් ගෙවමින් රජයට පාඩු කළැයි අල්ලස් කොමිසම මෙම චූදිතයින් තිදෙනාට එරෙහිව චෝදනා ගොනු කර තිබිණී.
මෙම නඩුවේ සැකකරුවන් වන්නේ, රොස්වුඩ් වත්ත, මාස්පොත පදිංචි හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ෂේවියර් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති පොන්නගේ එරාජ් ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ කාජා මොහිදින් මොහොමඩ් ෂාකීර් නැමැති අයවලුන්ය.
මෙම අල්ලස් සිද්ධියට අදාළව නොතිසි මත ඉකුත් 2016 වසරේ ජුනි මස 30 දා අධිකරණයේ පෙනී සිටි චූදිතයින් තිදෙනාට එක් අයකුට රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත ඇප නියම කිරීමට අධිකරණය තීරණය කර තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් එකයිනේ. නඩුව තවදුරටත් ගෙන ගිහින් වැරදි කරුවා වුණත් නිදොස් කොට නිදහස්. වැරදිකරු නොවුණත් ගෙදර...
බලේට ආවේ ඕවායින් නිදහස් වෙන්න. අහෝ, නන්දා මාලනී මහත්මියණි..., තව තව ‘‘ යොදමින් බැඳ විලංගුලා...‘‘ වැනි ගීත ගායනා කරන්න.
හීනෙන්වත් වරදක් කරපු කෙනෙක් නෙමෙයි අපේ ජොනී...
ආණ්ඩු බලය යොදාගෙන අනීතික ලෙස අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කරලා නඩු අයින් කරගෙන දැන් සැපෙන් ඉන්නකෝ. තව වැඩිකල් දුවන්න බෑනේ. ඔහොම යමු කකුළුවා වගේ. එදාට හිරේ යන්න ලෑස්ති වෙලාම ඉමු.