
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරුන් අතර විශේෂ රැස්වීමක් කොළඹ 08 බැල්කොම් පෙදෙසේ පිහිටි එම සම්මේලන කාර්‍යාලයේදී අද (29) පෙරවරුවේ පැවැත්විණි.
එහිදී පාස්කු දින ප්‍රහාරය මෙන්ම රටේ වත්මන් තත්වය පිළිබඳවද සාකච්ඡා කර ඇත.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ප්‍රධාන කතෝලික රදගුරුතුමන්ලා සහ සහායක රදගුරුතුමන්ලා පළමුව රැස්වී සාකච්ඡා කර අනතුරුව පක්ෂ විපක්ෂ කිතුනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවී ඇත.
මේ සඳහා සහභාගී වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනකු පමණක් බව ද වාර්තා වේ.
විපක්ෂය නියෝජනය කරමින් හෙක්ටර් අප්පුහාමි, කාවින්ද ජයවර්ධන, චාල්ස් නිර්මලනාදන්, සෙල්වම් අඩික්කලනාදන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැමිණ ඇති අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පැමිණ ඇත්තේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පමණි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක නොවීම ගැන රදගුරු සම්මේලනය කලකිරීමට පත්ව සිටින බවත් ඉදිරියේදී මේ සම්බන්ධව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන බවත් රදගුරුතුමන්ලා මෙහිදී දැනුම් දුන් බව ඊට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
05 දෙනෙකු පමණයි...
හොරාගේ අම්මාගෙන් පේන ඇහිල්ල. කාදිනල්තුමා වෙච්චි සිදුවීම් බලනකොට මොවුන්ට පල්ලියෙන්, මිනීවලවත් දෙන්න එපා. ප්‍රහාරය වෙන දිනය, වේලාව ස්ථාන දැනගෙන තමන් හැංගුණා මිස පල්ලිවත් නොකීම ක්ෂමාව දියහැකි වරදක් නොවෙයි... දෙවෙනි කාරණාව කාදිනල්තුමා... ප්‍රහාරයට පෙර පසු මොවුන්ගේ හැසිරීම් ගැන දැනදැනම සමුළුවක් තිබෙනවා නම් ඔබගේත් යම් යටිඅදහසක් තිබෙන බව පෙනෙනවා...