
(කීර්ති ප්‍රනාන්දු)
මිනුවන්ගොඩ හොරම්පැල්ල නවලෝක ප්‍රදේශයේ රෝහල් සේවකයකුගේ අවසන් කටයුතුවලට සහභාගී වූ පිරිසෙන් 35 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ඉකුත් 10 වැනි දා මෙම අවමංගල්‍ය පැවැති අතර ඊට සහිතයකට පමණ පසුව පවුලේ සාමාජිකයන් තිදෙනකුට හා අවමංල්‍යයට සහභාගී වූ කීපදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇත.
මෙම අවමංගල්‍යයට සහභාගී වූ පවුලේ ඥාති සාමාජකයන් කීපදෙනකුට කලින් සිටම සෙම්ප්‍රතිශ්‍යාව උගුරේ අමාරුව, සහ උණ රෝග ලක්ෂණ තිබූ බවට සොයාගත් බව සෞඛ්‍ය අංශ කියයි.
මියගිය සෞඛ්‍ය අංශ සේවකයාගේ අවමගුලට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් සහභාගී වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඨින රැල්ල ළඟදීම...
අද වනවිට ග්‍රාමීය ප්‍රදේශ කිහිපයකම මෙවැනි කුඩා පොකුරු දකින්නට තිබුන. ආණ්ඩුවේ කාටවත් ගානක් නෑ. දෙසැම්බර් වෙනකොට මොනවා වෙයිද?
මෙරටේ ඉන්න සමහරක් ට කොරෝන ගැන නෙමේ මොන මලදානයක් වත් තේරෙන්නේ නැහැ එහෙම උනානම් අද මේ රටට මේ වින්නැහිය වෙන්නෙත් නැහැ . මොලේ අබ ඇටයක තරම් වත් තියනවනම් මොන මගුලකට මළගෙවල් වල රිංගනවද ?
ආණ්ඩුවට නං කොච්චර බෝවුනත් ප්‍රශ්නයක් නෑ. එන්නත් කිරීමයි ප්‍රදාන අරමුණ