
(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසදීමට ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා මැදිහත්වන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල අද (26) සත්‍යග්‍රහ උපවාසයක් ආරම්භ කළේය.
ගුරු අරගලය මැඩලීමේ අරමුණින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් ගේ උපදෙස් පවා නොකතමින් පාසල් ආරම්භ කිරීමට ආණ්ඩුව ගත් නොමනා තීන්දුවට තමන් දැඩි ලෙස විරෝධය දක්වන බවත් ඉදිරි අයවැයට ප්‍රථම ආණ්ඩුව පොරොන්දු වූ පරිදි වැටුප් වර්ධකය එකවර ලබාදී මෙම ගැටලුව වහා විසදීමට ජනාධිපති ගෝඨාබය රාජපක්‍ෂ මහතා හෝ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ යන මහත්වරු මැදිහත්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ෂෙහාන් දිසානායක මහතා මෙහිදී පැවසීය.
ධනාත්මක පිළිතුරක් ලැබෙන තුරු මෙම ගුරු විදුහල්පති උපවාසය අඛණ්ඩව පවත්වාගෙන යාමට තම සංගමය කටයුතු කරන බවත් දිසානායක මහතා තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන තැනක කඳවුරු බැරිනම් ඔතන ලියාගත්තත් කමක් නෑ. ඔය පාලකයෝ එක්ක හැබැයි ළමයින්ට උගන්වන එක නැවැත්තුවොත් ඔය අනුකම්පාව ඉවරයි කියල මතක තියාගන්න.
ඉහත ඉන්න බහුතරයක් ගුරුවරු අවුරුදු 40 ට වඩා අඩු අය. වසර 24ක දීර්ග කාලීන වැටුප් අවුලක් තිබුනේ නම් මොවුන් මෙතරම් කල් වෙනත් වැඩි වැටුපක් ගෙවන රැකියාවක් සොයා නොගියේ ඇයි? කිසියම් රැකියාවක් කිරීමෙන් තමාට ලැබෙන වැටුප, පහසුකම් හෝ කාර්යභාරය ගැන සැහීමකට පත් නොවේනම් කලයුතු හොදම දෙය තමාට ගැලපෙන වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමයි. දැනටමත් පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු සේවකයන් එලෙස කටයුතු කරයි.
පොල්පැලේ කනකම්ම ඉන්නවාද? නැතිනම් පොල්පැලේ බේරගන්නවාද?
ඔවුන් කළ යුතු දේ තීරණය කිරීමට ඔවුන්ට ඉඩ දෙන්න. ඔවුන්ගේ විරෝධය මහජනතාවට බාධා නොවන තාක් කල් ඔවුන්ට මෙය කළ හැකිය.. රජයටද රට ගැන සිතා තම සැලසුම් අනුව වැඩ කළ යුතුය.
මොනවද මේ නිවට කමෙන්ට්?
අපේ පැත්තේ හොදටම දුප්පත් ගෙදරක හිටිය කිසි වැඩකට නැති කොල්ලෙක්. ඒ දවස් වල රස්තියාදු ගහපු එකමයි කලේ. ගෙදර තිබුන වී ගෝනියත් විකුණලා ඒ සල්ලි නැති නාස්ති කරපු එකයි කලේ. පහුගිය කාලේ එයා හමුදාවට බැඳුනා. ඊට පස්සේ පුදුම විදිහට වෙනස් වුනා. පොඩි ඉඩමක් ගත්තා, ඒකේ ගෙයක් හැදුවා. හොද තැනකින් කසාද බැන්දා. දැන් බබෙක් ඉන්නවා. ත්‍රීවීල් එකකුත් තියෙනවා ඒ ගෙදර. කෙනෙක්ගේ ජීවිතේට දියුණුව ගේනවද, සතුට ගේනවද, සැප පහසුව ගේනවද කියන එක රැකියාවේ විනය තීරණය කරනවා කියන එකට මේක හොදම උදාහරණයක්.
අච්චු පොත් වෙනුවට සෑම පාඩමක් ම පටිගත කර දුන්න නම්, ගුරුවරු උද්ගෝෂණ කරන වෙලාවේ ළමයිට තනියම ඉගෙන ගන්ඩ තිබුණා. එතකොට සෑම ළමයෙක්ම නිදහසේ අධ්‍යායාපනය ලබා ගන්නවා. තමන්ට පහසු වෙලාවට, ගෙදර දොර වැඩ ඉවර කරගෙන, කැමති වෙලාවට ඉගෙන ගන්ඩ තියෙනවා නම් ඊට වඩා නිදහස් අද්‍යාපනයක් නැනේ. පාඩම දහස් වාරයක් හරි අහල තේරුම් ගන්ඩ පුළුවන්. වට පිට බැලුව කියල පාඩම මග හැරෙන්නේත් නැ. අච්චු පොත් වෙනුවෙන් යන කෝටි ගානක් මුදල් , බෙදා හැරීමේ දුෂ්කරතාව, විනාස වෙන පරිසරය පවා නවතිනවා. එකම සින්දුව මිලියන ගානක් මිනිස්සු බලනවා. කිසිම ගෙවීමක් , පලුදු වීමක් නැතිව. මෙපමණ පරිගණක හා ජංගම දුරකථන තියෙන රටක, සෑම අව්රුද්දකම, එකම පාඩම, ගුරුවරු දහස් ගානක් කියල දෙන්න ඕනි නැ කියලා මට නම් හිතෙන්නේ.
කාලකන්නි