(රේඛා තරංගනී ෆොන්සේකා)

ඉහළ යන බඩු මිලට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ සමගි ජනබලවේග නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද රාජගිරිය මංසන්ධියේ දී උද්ඝෝෂණයක නිරත වූහ.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට බඩු මිලේ අනවශ්‍ය ඉහළ යෑම දරාග ගත නොහැකි බව සඳහන් කළ විරෝධතාකරුවන් ගෑස් මිල ඉහළ යෑමද වැඩි වශයෙන් බලපාන බව පැවසීය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නාගරික මන්ත්‍රී චන්දිම නයනජිත් මහතා මෙම විරෝධතාවය සංවිධානයය කළේය.  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා

පවතින රජය දරදඬු  පාලනයෙන්  බැහැර  විද්වතුන්ගේ හඬට සවන්දීම වඩා වැදගත් බව පැවසීය එසේ නොවුණහොත් විදේශීය රටවල ඇතැම් පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියා නිසා පීඩාවට පත් ජනතාව සේ අප රටේ ජනතාවද පීඩාවට පත්විය හැකි බව ඒ මහතා එහිදී අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.