
(චාපා මධුභාෂිණි)
වගා බිම්වලට අවශ්‍ය රසායනික පොහොර ඉල්ලා රොටවැව ප්‍රදේශයේ ගොවීහු පිරිසක් අද දින ගල්ඔය - මින්නේරිය මාර්ගයේ විරෝධතාවයක නිරත වූහ.
මෙවර මාස් කන්නය ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රමිතියෙන් යුත් පොහොර ඉතා ඉක්මනින් ලබා දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.
පොහොර ලබා දීම ප්‍රමාද කිරීම හේතුවෙන් ඔවුන්ට කන්නය ප්‍රමාද වන බවත් ඒ් හේතුවෙන් වගාවන්ට ලෙඩ රෝග වැලදීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති බවද ඔවුන් වැඩිදුරටත් කීය.
රොටවැව ඒ්කාබද්ධ ගොවි සංවිධානයේ රොටවැව, මාතලාවැව, කදුරුගස්වැව ගාවි ඒකමුතුවේ ගොවීන් 300 වැඩි පිරිසක් ඒකතුවිය.
විරෝධතාකරුවෝ කෘෂිකර්මාන්තයේ මළගම උදා වූ බවට සටහන් කළ මිනී පෙට්ටියක් විරෝධතාවය සමග කර තබා ගෙන ගොස් වගා බිමක දමා ගිණි තබමින් සිට අප්‍රසාදය ප්‍රකාශ කළහ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරය ආපු දවසේ ඉඳලා මුළු ලංකාවම මළ ගෙදරක් වුණා
මෝඩ හැත්ත
රසායනික ගහලා ගහලා රටේම පස දූෂනය කරලා තමනුත් ලෙඩ වෙලා මූූලු රටමත් ලෙඩ කරලා මිනී පෙට්ටි ගිනි තියලා වැඩක් නෑ. වස විෂම නම් ඉල්ලන්නේ මේ අමන ජනයා මිනී පෙට්ටි ගෙවල්වල තබාගත යුතුයි.
ජෙප්පෝ ආපු දවසේද? ප්‍රේමදාස ආපු දවසේ ඉඳලාද? පැහැදිලි නැහැ. ඒ කාලේ තමයි නියමෙට වුණේ.. හැබැයි මිනී පෙට්ටිය කරේ තියාගෙන යන්න දුන්නේ නැහැ. දණිස්සෙන් ඉහළට උස්සන්න දුන්නෙත් නැහැ...