(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කොවිඩ් වසංගතය නිසා  මේ වසරේ  මේ දක්වා   රුපියල් කෝටි 2700 ක  සුරාබදු ආදායමක් රජයට අහිමිවී  ඇතැයි  සුරාබදු කොමසාරිස්  ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා  රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව)  පැවැසීය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් කෝටි දහසය දහසක්   වුවද  පවතිත තත්වය හමුවේ එම ඉලක්කයට ළඟාවීම අපහසු බවද   හෙතෙම සඳහන් කළේය.