(රොමේෂ් ධනුෂ්ක සිල්වා, තිලකරත්න දිසානායක සහ විමුක්ති එස් රුද්‍රිගු)

කොරොනා ව්‍යාප්තිය පාලනය සඳහා මාස ගණනාවක් තිස්සේ නවතා තිබූ දුම්රිය  ධාවනය   දින 67 කට පසුසෞඛ්‍යය මාර්ගඋපදේශ යටතේ අද සිට යළි ධාවනය කටයුතු ආරම්බ කෙරිණි.

ඇතැම් පිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ගමන් කළ ද තවත් පිරිසක් කිසිදු තැකීමක් නොකර ගමන් කරනු දක්නට ලැබිණි.

අත්‍යාවශ්‍ය මගින් සඳහා යන සේවකයන් පමණක් සඳහා ක්‍රියාත්මක වූ අතර අගෝස්තු මස සිට වාර ප්‍රවේශපත්‍ර ලබා ගත් මගීන්ට පමණක් දුම්රිය ස්ථානයන්ට ඇතුල්වීමට සහ දුම්රියෙන් ගමන් කිරීමට අද අවස්ථාව ලැබිණ.

ගම්පහ දුම්රිය ස්ථානය ද අද උදෑසන සිට දුම්රිය මගීන්ගෙන් පිරී පැවති අතර දිනපතා නිකුත් කරන දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන කවුළු සම්පූර්ණයෙන්ම වසා දමා තිබිණ.

(ඡායාරුප: රොමේෂ් ධනුෂ්ක සිල්වා)


(ඡායාරූප: තිලකරත්න දිසානායක)

රාගම විමුක්ති එස් රුද්‍රිගු 

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා