
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ,පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම පෙබරවාරි 03 වැනිදා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) දින නියම කළේය.
විල්පත්තු වන රක්ෂිතයේ භූමිය එළි පෙහෙළි කර ජනාවාස ඇති කළ ප්‍රදේශයට සමාන වපරිසයක තම පෞද්ගලික වියදමින් යළි වන වගාවක් කරන ලෙසට අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර ඇත.
මෙම පෙත්සම මුර්දු ප්‍රනාන්දු සහ එස් තුරෙයි රාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවූණි.
ඒ අනුව අදාළ පෙත්සම විභාගය සඳහා පෙබරවාරි මස 03 වනදා කැඳවීමට එහිදී විනිසුරු මඩුල්ල නියම දින නියම කෙරිණිත
හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාරිසරික යුක්ති කේන්ද්‍රය , වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් , මධ්‍යම පරිසර අධිකාරිය,වන ජීවී අධ්‍යක්ෂක ජනරාල් , ඉඩම් කොමසාරිස් ජනරාල් , පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් , මන්නාරම දිස්ත්‍රික් ලේකම් , පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර වැඩේ... මෙහෙම වැරැදිකාරයෝ නඩුදාන්න ගියොත්, උසාවිය දෙන තීන්දු විහිළුවක් වෙනවා.
කතා දෙකක් නැහැ... අමුඩේ ගස්සලා ගස් හිටුවන්න දමන්න...
ශ‍්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ යහපත් විශ්වාසයක්, සමතුලිතතාවක් සහ ස්වාභාවික යුක්තිය දැක ගැනීමට හොඳ අවස්ථාවක්.
මේ ආණ්ඩුවේ බොරු ෂෝ එකක්. හෙට අනිද්දා කොමිසමුත් එක්ක ඩීල් එකක් දාලා අත යටින් ගාණක් අරගෙන සාක්කි නැහැ කියලා මෙයාවත් නිදොස්කොට නිදහස්කරයි.
ඇත්තටම මෙහෙම ගියොත් හැම වැරදි කාරයෙක්ම නීතිය විහිළුවක් කර ගන්නවා. .
නිදොස්කොට නිදහස්.. අපේ රටේ සෙල්ලම් බෑ.. හැමෝටම එක නීතියක්...