(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දිවයිනේ සෙසු පාසල්ද ශ්‍රේණියෙන් ශ්‍රේණිය ඉදිරියේදී  විවෘත කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

පාසල්වලින්  සියයට 98ක් විවෘත කිරීමට හැකිවුණු බවත් සිසුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිණීම ඉදිරි සතියේ දී තවදුරටත් වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.

ගුණවර්ධන මහතා මෙසේ පැවසූවේ  පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ නිවේදන යටතේ ප්‍රකාශයක් කරමිනි.

සිසුන් 52000 කට අධික සංඛ්‍යාවක්ද ගුරුවරුන් අට දහසකට අධික සංඛ්‍යාවක්ද පාසල්වලට පැමිණ ඇතැයි  පැවසූ ඇමැතිවරයා  පාසල් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සියලු දෙනා පක්ෂ භේදයෙන් තොරව සහයෝගය ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

මේ කටයුතු සාර්ථක කර ගැනීමට  සහය දැක්වූ විදුහල්පතිවරුන් ගුරුවරුන් ආණ්ඩුකාරවරුන්  අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ වල සියලු නිලධාරීන් සහ විවිධ මහජන සංවිධාන සහ මවුපියන්ට ස්තූතිය පුද කරන බවද  ගුණවර්ධන මහතා කීවේය.