(යොහාන් භාසුර)
එළඹෙන කන්නයේ වී කිලෝවකට රුපියල් 70 ක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
කාබනික කෘෂිකර්මාන්ත නිසා ජනාධිපතිතුමා වී මිල වැඩි කිරීමට තීරණය කර ඇති බව කී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ අනුව වී කිලෝවක මිල රුපියල් 70 ක් දක්වා වැඩි කිරීමට තීරණය කර ඇතැයි ද සඳහන් කළේය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොහොර ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ අනුරාධපුර නිවසේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න පුළුවන් එකම එක මෙයාලට මිල වැඩි කිරීම මිල වැඩි කිරීමෙන් නෙවෙයි ජනතාවට යහපත් වෙන්නේ.
පසුගිය දිනක පුවතක් දැක්කා මේ වනවිටත් සමහර මෝල් හිමියන් රුපියල් 70 ට වී ගන්නවා කියලා මේ මොකක්ද කියන්නෙ.?
සීයටවත් ගන්න වී නෑ. බලමු ඒ වෙනකොට ඔය ඇමතිකම තිබුනොත්.
මෝල් කාරයන් ට හොඳ ඉල්ලම. හාල් 150ට යනවා. එතකොට සම්බා 250ටවත් යාවි. .
නිකන් පච කියන්නේ නැතුව ඉන්න ඇමැතිතුමා... ඔයාලට කරන්න බෑ.. දැන් රට නන්නත්තාර වෙලා ඉවරයි.
කෝ හලෝ පිටරටින් ගෙනෙනවා කිව්වා සහල්? එහෙම ගෙනාවනම් ගොවියන්ට අපරාදේ සල්ලි දෙන්න උවමනාවක් නැහැනේ?