
(රංජන් කස්තුරි)
ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ මෙම මස 20 වැනි දින අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙන අතර ඊට ශ්‍රී ලංකාවේ විශේෂ ආරාධිතයා ලෙස ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතය
කුෂිනගර් ජාත්‍යාන්තර ගුවන්තොටුපෙළ වීවාත කෙරෙන අවස්ථාවට ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකාවේ සිට පිටත්ව යන අතර එහි මහා සංඝයාවහන්සේ සියනමක් ගමන් කරති.
කුෂිනගර් ගුවන්තොටුපෙළ පරිශ්‍රයේ ප්‍රදර්ශනය කිරීමට මෙරටින් ඡායාරූප දෙකක් ලබාදීමට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරි මිලින්ද මොරගොඩ මහතා කටයුතු යොදා තිබේ.
කැලණිය රජමහා විහාරයේ සොලිස් මෙන්ඩිස් සිතුවම් කළ ඓතිහාසික සිතුම් දෙකක් එලෙස ඉන්දියාවට පරිත්‍යාග කිරිමට නියමිතය
කුෂිනගර් යනු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ පිහිටි ඓතිහාසික කුසිනාරා නගරය වේ. කුෂිනගර් ජාත්‍යාන්තර ගුවන්තොටුපෙළ නිසා ලොවපුරා බෞද්ධ ජනතාවට දඹදිව වන්දනාව පහසු කරවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල් මහත්තය ගුවන් සේවා ඇමතිද ? සංචාරක ඇමතිද ? විදේශ ඇමතිද ? බුද්ධාගමේ ඇමැතිද ? ඔය වගේ දේවලට මහා කොමසාරිස්ගේ ගේ සහභාගිත්වය ප්‍රමාණවත් නැද්ද ? රජයේ වියදම් අඩුකිරීම ගැන මෙහිදී සිතන්නේ නැත්තේ ඇයි?
මේ ඉන්දියාව සංචාරක කර්මාන්තය නංවන්න ගන්න පියවර. ලංකාවෙ මෙහෙම එකක් කලා නම් පුරා විද්‍යාවයි දේශප්‍රේමී නුයි පොලු අරගෙන එනවා ෂුවර්.
චන්දන, දේශප්‍රේමින් මිලියන 6.9ක් ඉස්සර හිටියා. ඒ අය ගැනද ඔය කියන්නේ?
කුෂිනගර් ගුවන් තොටුපළ විවෘත කිරීම ගැනත් ලංකාවෙන් දෙන සහයෝගයත් ගැන ඇත්තටම සන්තෝෂයි.. එයට සහභාගිවන සියලු දෙනා කවුරු වුණත් ලොකු වාසනාවක් තියෙන්න ඕනේ.. ආඩම්බරයි.