(යොහාන් භාසුර)
පෞද්ගලික උපකාරක පන්ති ලබන නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන වෘත්තීය දේශකයන්ගේ සංගමයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසීය.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ වෘත්තීය සමිති ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹෙන ලෙස මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවත් වසන්ත යාපා බණ්ඩාර මහතා කීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සිකුරාදා පැවැත්වෙන කෝවිඩ් මර්ධන කාර්ය සාධන බලකා රැස්වීමටද සහභාගි වී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd