(රංජන් කස්තුරි)
ප්‍රාදේශීය ලේකම්කාර්යලවල පුහුණුව ලබන අභ්‍යාසලාභී උපාධිධාරීන් සිසුන් 200 අඩු පාසල්වලට මෙම මස 21 වැනි දා සිට අනුයුක්ත කරන්නැයි රජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරා දිස්ත්‍රික් ලේකම්වරුනට දැනුම් දී තිබේ.
මේ මස 21 වැනි දා එම පාසල් විවෘත කරන හෙයින් එම අභ්‍යාසලාභීන් පාසල්වල සේවයට යොදවන්නැයි ද ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අභ්‍යාසලාභීන් කෝකටත් තෛලයක් ද. අධ්‍යාපනය නිසි මගට ගන්න කිසිදු උවමනාවක් නැහැ . ඕන කෙනෙකුට උගන්නන්න පුළුවන් කියලා හිතන්නේ.
අධ්‍යාපනය කොලයකින් සහතික කලාටම මදි පේනවා නේද නුසුදුසු අයව ගුරුසේවයට ගැනීමේ විපාක. එනිසා ඉගැන්වීමට දක්ෂතා ඇති ළමා මනස තේරුම් ගතහැකි අයව පමණක් සම්මුඛ පරීක්ෂණයකින් තෝරා පාසැල් වලට යවන්න. පිං සිද්ධ වෙනවා.
පාසල් විවෘත කළද රාත්තලම ඉල්ලමින් දිගින් දිගටම වර්ජනයේ යෙදෙන මිනිසුන් සේවයට වාර්තා නොකළහොත් පඩි රහිත නිවාඩු දී , යම් කාලයක් තුළදී සේවය අතහැර ගියාසේ සලකා විකල්පයක් ලෙස නව ගුරුවරුන් යොදා ගැනීම කළ යුතුව ඇත. රටක පරිපාලනය එසේ වේ... නැත්නම් රටම බංකොලොත් කර දැමීමට මේ සියල්ලන් පාර කපාවි....
ඕනෑම හැකියාවක් ක්‍රම කිහිපයකින් ලැබිය හැකියි. ප්‍රධානම ක්‍රමය උපතින් ලැබෙන හැකියාව, සමාජයෙන් අත්දැකීම්වලින් ලබාගන්නා හැකියාව හා උගන්වා කෙසේ හෝ හැකියාව ඇතිකරවීම. සමහරුන්ව මේ එක ක්රමයකින්වත් හදන්න බැහැ. අද සිටින අතිබහුතරයක් මුලින් ඇවිත් තියෙන්නේ නිකම්ම තමයි. පසුව තමයි හැකියාවන් වර්ධනය කරගෙන තියෙන්නේ. 1000 ටත් ගත්ත අය ඉන්නවනේ. ඒ අයවත් උගන්වන්න ආවේ නැහැනේ. කොහොමත් හදන්න බැරි කට්ටියක් දැනටත් ඉන්නවා. අප්පුහාමි කියන කතාව කොටසක් හරි. මොකද එහෙම අයව බඳවා ගන්නකොට අඳුනාගන්න අමාරුයි. හොඳම දේ තමයි නොගැලපෙන අය වහාම ඉවත් කරන්න පුළුවන් ක්‍රමවේද හදන එක...
කිසිදු බඳවා ගැනීමේ ප්‍රතිපත්තියක් නැති සේවයක් ගුරු සේවය. සාමාන්‍ය පෙල ඉඳල පශ්චාත් උපාධිය දක්වා අය එකම ගොඩේ ඉන්නවා. මේවා තමයි ගුරුවරුන්ගේ ගැටළු වල මුල. කිසිම උසස් වීමේ ප්‍රතිපත්තියක් නැහැ . සේවය අවුරුදු 5 සම්පූර්ණ කල පලියට උසස්වීම් දීම සුදුසු නැහැ. මේවා හදනකම් ඟුරු විදුහල්පති ලා ඉහළ පඩි ඉල්ලන එකත් දෙන එකත් වැරදියි. බොහා් රටවල ඉහළ ම අධ්‍යාපන සුදුසුකම් බලන්නෙ ඟුරු සේවයට. ඔවුන් ට ඉහල වැටුප් ගෙවනවා.
කිසියම් රැකියාවක් කිරීමෙන් තමාට ලැබෙන වැටුප, පහසුකම් හෝ කාර්යභාරය ගැන සැහීමකට පත් නොවේනම් කලයුතු හොදම දෙය තමාට ගැලපෙන වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමයි. දැනටමත් පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු සේවකයන් එලෙස කටයුතු කරයි. උදාහරණයක් වශයෙන් පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් වල ගුරුවරුද මෙම ක්‍රමය අනුගමනය කරයි. රාජ්‍ය අංශයේ පමණක් මෙම ක්‍රමය වෙනස් වන්නේ ඇයි? මෙසේ වන්නේ මොවුන් මේ ලබන ප්රතිලාභ වෙනත් රැකියාවකින් ලබාගත නොහැකි නිසා නොවේද? මෙම වසංගත සමයේ අධ්‍යාපන ක්‍රියාවලිය හා තම රැකියාවේ වගකීම් යුතුකම් පැහැරහරිමින් දින 100 දක්වා අඛණ්ඩ වර්ජනයක් කර ගීනස් වාර්තාවක් තැබීමට මොවුන් උත්සහ කරන බවක් පෙනේ. මෙවන් වියසනකාරී අවස්ථාවක නොවුවත් කිසිදු රටක මෙවන් දීර්ග නිර්ලජ්ජිත වැඩ වර්ජනයක් නොකෙරෙනු ඇත. මෙය ජාත්‍යන්තරයේ අපේ අධ්‍යාපන මට්ටම ගැන සදහන් දර්ශක වල ඍන අගයන් සටහන් කරවන මෝඩ, පව්කාර අරගලයකි.
කල් නොයවා ඔක්තෝබර් 15 ළමයින් 200 ට අඩු පාසල් ආරම්භ කිරීමට කලින් ගත තීරණය ඉතා හොදයි. නමුත් එකටත් බාලගිරි දෝෂය ද? දිනය 21 දක්වා කල් තැබීම සිදුනොවිය යුත්තකි. මෙම කටයුත්ත ප්‍රමුඛතා ලේඛනයේ ඉදිරියෙන් තිබුනේ නම්, ඒ සඳහා සුදානම් වීමට දින 15ක් ඉහටත් උඩින් සෑහේ. ඉක්මන් නිවැරදි තීරණ ගන්න, අහිංසක දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය වැටෙන්නට ඉඩ නොදෙන්න. මෙම ගණයට වැටෙන පාසැල්වල දරුවන් බොහෝ විට මාර්ගගත අධ්‍යාපනය ක්‍රමවත්ව නොලැබූ කොටසයි. 2020 අපොස සාපෙ ප්‍රතිපල අනුව මෙම ගණයට වැටෙන පාසැල්වල දරුවන්ගේ ප්‍රතිපල අතිශය දුර්වල මට්ටමක පවතින අතර. උසස්පෙළට සුදුසුකම් ලැබීමේ ප්‍රතිශතය බින්දුව හෝ ඊට අසන්න අගයක ඇත. දැන් තත්වය ඊටත් වඩා බැරෑරුම් තැනක ඇති. දරුවන් ඇගයීමට ලක්කර ගැටළු හදුනාගෙන විසදුම් ක්‍රියාත්මක කරන්න. කලබලයේ විෂය නිර්දේශ ආවරණයේ කිසිදු පලක් නැත. මෙම පාසල්වල අධ්‍යාපන පසුබෑම දිස්ත්‍රිකයේ පහසුකම් සහිත පාසල්වල උසස් ප්‍රතිපල වලින් වැසී ඇත. රජය පිරිවැය යොදා නඩත්තු කරන මෙම පාසල්වලින්ද අපේක්ෂිත ප්‍රතිපල ළගාකර දීම ගුරු, විදුහල්පති, කොට්ටාශ, කලාප, පළාත්, අමාත්‍යංශ නිලධාරීන්ගේ වගකීමකි.
සන්තෝසයි, සන්තෝසයි, අප්‍රමාණ සන්තෝසයි.