(අජන්ත කුමාර අගලකඩ)
පාසල් සිසුන් සඳහා කිරි වීදුරුවක් ලබා දීම වෙනුවට දේශීය සහල් වලින් පිළියෙල කරන ලද කැඳ වීදුරුවක් ලබා දීමේ යෝජනාවක් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත.
දිවයිනේ තෝරාගත් පාසල් 923 ක, එකේ සිට පහ දක්වා ශ්‍රේණිවල සිසුන් ට කිරි වීදුරුවක් ලබා දීමේ වැඩසටහන 2012 වසරේ සිට ක්‍රියාත්මක වන අතර , එම කිරි වීදුරුව වෙනුවට මෙම කැඳවීදුරුව ලබා දෙන්නැයි ඇමතිවරයා යෝජනා කර ඇත .
ඒ සඳහා එක් සිසුවකු වෙනුවෙන් දිනකට රුපියල් විසි තුනක මුදලක් වෙන් කිරීමට යෝජනා වී තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි ළමයි රටේ සම්පතක්නේ.. කිරි වීදුරුවක් දෙන්න බැරිද? දුප්පත් ළමයින්ට කැඳ පොවන්න යන්නේ...
උදේට කිරි වීදුරුවකුයි, දහයට විතර කැඳ වීදුරුවකුයි දෙනවා නම් වඩා හොඳයි. මොකද අපේ අනාගත පරම්පරාවනේ. මේ රටේ නිරපරාදේ වියදම් කරන සල්ලි බැලුවොතින්, ඕක මහ ලොකු කජ්ජක් නොවෙයි. සතියේ දින දෙක තුනක් බිත්තරයක් දෙන්න පුළුවන් නම් තවත් හොඳයි.
කිරි නැති නිසා කැඳ. මේ යන විදියට තව ටික දවසකින් කඳත් නැතිවෙයිද මන්දා...?
පාසල් ළමයකුට කිරි වීදුරුවක් දෙන්න බැරි උනාට ඕනෑතරම් සෝබන වැඩවලට වියදම් කරන්න තියෙනවා.
කාබනික පොහොරවලින් හදපුවා වෙන්න ඇති.
ඔන්න පටන් ගන්නවානම් ව්‍යාපාරයක් පිටකළ කැඳ පැකට් කරලා විකුණන්න.
කැඳත් නැති යටිගිරි ඇමති. කැකිරි සුප් දෙන්න කියල කිව්වත් පුදුම වෙන්න එපා. මෙයා දන්නේ බෙරිහන් දෙන්න විතරයි.
කිරිවලට කැඳ ආදෙශකයක් කරලා ආයේ රවට්ටන්න, මොකද ගොඩින් නොමිලේ හම්බ වෙන දේනේ ,තණ කොළත් කොටලා පොවයි හරකුන්ගේ පැටවුනේ කියලා.
ඔය කැඳ කෝප්පයට අනන් මනන් කියන අය, කිරි තියා කැඳ වත් බොනවද දන්නෑ.. ඌ තණකොළත් මුසුකරලා හොඳ පුන්නක්කු කෝප්පයක් දෙන්නලු යන්නේ උදේ හවා පාරේම ලගින හරකුන්ට..