
(උපුල් හේරත්)
ක්‍රිස්තු පූර්ව 238දී ඉදි කළ බව කියන මිහින්තලේ ඓතිහාසික සුලුගුලු විහාරය වටා ඇති පුරාවිද්‍යා ස්මාරක සහිත භූමිය එහි විහාරාධිපති හිමියන් ට්‍රැක්ටර් දෙකක් යොදවා සී සෑමක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අවට ගම්මාන තුනක වැසියෝ එම විහාරස්ථානය වැටලූහ .
මෙම සිද්ධියෙන් පසු අප කළ සංචාරයේ දී දැක ගැනීමට හැකි වූයේ ට්‍රැක්ටර් දෙකක් යොදවා පුරාවිද්‍යා ස්මාරක ඇති භූමිය සී -සා ඇති බවයි. එසේම එම සිද්ධියට විරුද්ධ වූ පොතාන,සුරැක් කුලම ,ගල් මඩුව යන ගම්මානවල වැසියෝ ද එම විහාරස්ථානයේ වැටලීම සඳහා පැමිණ සිටියහ.
මේ සිද්ධිය පිළිබඳව ඓතිහාසික මිහින්තලය සුළුගුළු විහාරයේ විහාරාධිපති අනුරාධපුර ධම්මාරාම හිමියෝ මෙසේ පැවැසුහ.
මෙම විහාරස්ථානයට කිසිදු ආදායම් මාර්ගයක් නැහැ .ඒ නිසා මම පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා ගෙන් කළ ඉල්ලීමකට අනුව ගොවිතැන් කිරීම සඳහා වාචික අවසරයක් ලබා දුන් බවයි.
මිහින්තලේ පුරා විද්‍යා කලාපයේ බාර නිලධාරි මංජුල රස්නායක මහතා සමග දුරකථනයෙන් කළ විමසීමකදී කියා සිටියේ ඓතිහාසික සුළුගුළු විහාරයට අක්කර එකසිය තිස්අටක භූමියක් එදා තිබුණ.අද වන විට අක්කර පනස් දෙකකට සීමාවෙලා.
ඓතිහාසික වටිනාකමකින් යුත් ගල් මඩුවක් සහිත පුරාවිද්‍යා ස්මාරක විශාල ප්‍රමාණයක් තිබෙන එම භූමියේ සිදුවූවා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළ අවුරුදු තිහක් පමණ හේන් ගොවිතැන් කළ එම පිරිසත් ,අවසානයේ විහාරය ආසන්නයේ සි සැමක් සිදු කළා යැයි කියන විහාරාධිපති හිමියනුත් වරදක් සිදු කර තිබේ නම් අත්අඩංගුවට ගත යුතුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සල්වල කරන කියන දේට දායකයෝ නිහඬව සිටීම තමා බුද්ධාගම පිරිහීමේ මුල.
වැටලීමට සම්බන්ධ වුන ගම්වාසීන් ට පැහැදිලි කරන්න පුළුවන් ද අක්කර 138ක භූමිය 50ට බැස්සේ කොහොම ද කියලා. තමා හරියට ඉඳල හාමුදුරුවන් ට උගන්නන්න යන්න. එහෙමනම් අහිමි වූ එම භුමිය නැවත විහාරයට ගන්න.
2500 ඉතිහාසය, පුරාණ කියලා කෑගැහුවට වැඩක් නෑ ඕවා පරිස්සම් කරන හාමුදුරුවෝ බලාගන්නේ නැත්නම්.
හෙල උරුමය පරිස්සං කරන්න කැක්කුමක් තියෙනව නං රුවංවැලි සෑය කැලෑවට ගිහිං තිබුනෙ කොහොමද?
කෝ අපේ රට රකින සෙට් එක ?අනිත් ආගම් වල අය කරනකොට දේශප්‍රේමය ගලා යනවා
ලවුඩ්ස්පීකර්වලින් අවට මහජනතාවට හිරිහැර නොකරන පන්සලක් හොයාගැනීම දැන් දුර්ලභ කාරණාවක්..
මෙහෙම දේවල් හුඟක් වෙන්නේ දායක සභාවේ පොදු එකඟත්වයක් නොමැතිවයි. විහාර හා දේවාලගම් පණත අනුව විහාරාධිපති ස්වාමීන් වහන්සේ තම අභිමතය පරිදි මෙවැනි දේ කරන්න බැහැ. මෙවැනි කටයුතු ගැන ගිහියන් විමසුවොත් ලැබෙන්නේ පුදුම සහගත පිළිතුරු තමයි.