(සුජිත් හේවාජුලිගේ )
බස්නාහිර පළාතේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් දකුණු පළාතටත් ප්‍රධාන මාර්ග ගණනාවකින් තවත් පළාත් කිහිපයකටත් සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් නීති විරෝධීව ගමන් ගත් වාහන 911 ක් පොලිස් මුර කපොලු කිහිපයකදී දැඩි ලෙස පරීක්ෂාකර ආපසු හරවා යැවීමට කටයුතු කළ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවැසීය.
මේ අනුව කොළඹ දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ දකුණු පළාතට නීති විරෝධීව ගමන් කිරීමට උත්සාහ කළ වාහන 585ක්ද පුත්තලම මාර්ගය, ගාලු මාර්ගය රත්නපුර මාර්ගය සහ නුවර මාර්ගය ඔස්සේ දකුණු පළාත ඇතුළු පළාත් කිහිපයකට නීති විරෝධීව ගමන් කිරීමට උත්සාහ කළ වාහන 326ක්ද මෙසේ හරවා යැවූ බව හෙතෙම සඳහන් කළේය.
සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් අධිවේගී මාර්ගවල ගමන් ගත් පුද්ගලයන් 930දෙනකුට මෙම මුර කපොළුවලදී දැඩි ලෙස අවවාද කළ බව පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පළාත් අතර සංචරණ සීමා ලබන 21 වෙනිදා දක්වා දැඩි ලෙස ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවද පැවසුවේය.
මහනුවර මාර්ගය, පුත්තලම මාර්ගය,රත්නපුර මාර්ගය ,සහ ගාලු මාර්ගය යන මාර්ගවල මුර කපොළුවලදී ආපසු හරවා යැවූ පුද්ගලයන් සංඛ්‍යාව 783ක් බවත් අධිවේගී මාර්ගවලදී මෙදින පරීක්ෂාවට ලක් කෙරුණු වාහන සංඛ්‍යාව 5132ක් බවත් පොලිස් මූලස්ථානය පවසයි.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විශේෂ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණ.
බස්නාහිර පළාතෙන් වෙනත් පළාත්වලට පිටවූ වාහන සංඛ්‍යාවේ පැහැදිලි අඩුවක් අද (17) දිනයේදී දක්නට ලැබුණු බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ නිහාල් ලොඩ්වික් මහතා පැවසීය.
පෙර දින ක්‍රියාත්මක කළ මෙහෙයුම නිසා එම තත්වය ඇතිවන්නට ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට, බෙන්තොට පාලම ළඟ ඉඳන් බස් නවත්වලා මගීන් පයින් අලුත්ගමට යනවිට ඔය නීති කැඩෙන්නේ නැතිද ආයුබොවන්...?
නීතියට ගරු නොකරන නරුමයින් සිටින රටක්. රටේ නීතියට ගරු නොකිරීමට හේතුව දඬුවම් ක්‍රියාත්මක නොවීමයි...
ආණ්ඩුවේ වැරදි ගොඩයි. හැබැයි ඒ වගේම කියන්න ඕන අපේ රටේ බහුතරයක් මිනිස්සු ඇවිල්ලත් නීතියට කිසි ගෞරවයක් නැති, සෞඛ්‍ය නීතිරීති සත පහකට ගණන් ගන්නේ නැති, හැම තිස්සේම මොකකින් හරි රිංගලා, වංගුවක්, ගේමක් ගහලා තමන්ගේ වැඩේ පමණක් කරගන්න හදන අමු මුග්ධ රැලක් පමණයි. විනෝද චාරිකා, වන්දනා ගමන් යන්න එපා කිව්වේ, කලින් ඩෙල්ටා රැල්ල ඇති වුණේත් ගිය අප්‍රේල් මාසෙත් අපේ මිනිස්සු කිසිම දෙයක් සත පහකට ගණන් ගන්නේ නැතුව රටපුරා විනෝද චාරිකා, වන්දනා ගමන්, උමතුවෙන් වගේ ෂොපින් කරන්න ගිය හින්දා... දැන් වෙන්න යන්නෙත් ඒ දේමයි. හැබැයි තමන්ට මොකක් හරි වුණාම තමයි තරු විසිවෙලා, ලොකුලොකු තර්ක විතර්ක ඉදිරිපත් කරන්නේ මෙහෙම කරන්න තිබ්බා... අරෙහේම කරන්න තිබ්බා කිය කිය...
අපේ මිනිස්සු ගැන නම් කතා කරලා වැඩක් නෑ. මම හිතන්නේ නෑ මේ වගේ රස්තියාදුකාර, මනස විකෘති වෙච්ච මිනිස්සු ඉන්න තවත් රටක් ඇති කියලා. මිනිස්සුන්ගේ හොඳට කරන්න එපා, පරිස්සම් වෙන්න, කල්පනාවෙන් වැඩ කරන්න කිව්වොත්, කරන්නේම ඊට ප්‍රතිවිරුද්ධ දේ. නුවරඑළිය, ඇල්ල, දකුණු පළාත, කතරගම, අනුරාධපුරය වගේ ප්‍රදේශ බැලුවොත් පෙනේවි, WP අංක තහඩු තියෙන වාහන කොච්චර ප්‍රමාණයක් මේ දීර්ඝ නිවාඩුවට ඇවිත් තියෙනවද කියලා...
පැහැදිලිවම දඬුවම් ක්‍රියාත්මක විය යුතුයි. එසේ නොකර කවදාවත් මේ රට හදන්න වෙන්නේ නැහැ. වැරැදි වැඩේ කරලා විතරක් නෙවෙයි. ලැජ්ජා නැතිව FB එකේ පින්තූර දාන අයවත් හොයලා දඬුවම් කළ යුතුයි.
නීත්‍යානුකූල පොලිස් නිලධාරින් බව කවුරුත් දනිති!
රෝහල් ආරංචි මාර්ග වලට අනුව දැන් දින 2ක් තිස්සේ නැවතත් කොවිඩ් රෝගීන් ගේ ඉහළ යාමක් පෙන්නුම් කරනවා. මේ යන විදියට දෙසැම්බර් වලදී ආපහු අර්බුදයක් ඇතිවන ලකුණු පෙන්වන්නේ. ආණ්ඩුව ට බැනලා වැඩක් නැති බව තේරුම් ගන්න ඕන.
හැබැයි ඊයෙ පෙරේදා වෙනකම්ම ඔය සංචරන සීමා නීතිය පොලිසිය ක්‍රියාත්මක කලාද? මොන බොරුද. මට සංචරන බලපත්‍රයක් තියන නිසා රාජකාරි කටයුතු සඳහා දිවයින පලාත් කීපයටම පහු ගිය කාලේ ගමන් කලා. මහනුවර කුරුණෑගල අනුරාධපුරය මාතලේ හලාවත කියන කොයි තැනකවත් පරීක්ෂා කරනවා තියා සමහර මුරකුටිවල කිසිම පොලිස් නිලදාරියෙක්වත් හිටියේ නැහැ. දුරගමන් සේවා බස්රථ අැතිතරම් තිබුනා. කොහොම නමුත් අන්තිම දවස් ටිකේ හරි මේ වැඩේ කරන එක හොඳයි. මේවා බොරු සංදර්ශන.