
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාව ඇමෙරිකාවෙන් මිලට ගත් " ෆයිසර් " එන්නත් මාත්‍රා 608,000 ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළට රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ඇනවුම් කර ඇති " ෆයිසර් " එන්නත් මාත්‍රා 50 ලක්ෂයක ප්‍රමාණය අතුරින් , මේ වනවිට ලක්ෂ 10 ක් ශ්‍රී ලංකාව වෙත ලැබී ඇති බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පැවසීය.
ඉතිරි එන්නත් ලක්ෂ 40 ක තොගයේ පළමු එන්නත් තොගය ගෙනැවිත් ඇති බවත් ,සෙසු එන්නත් මාත්‍රා ලබන නොවැම්බර් මාසය අවසන් වීමට ප්‍රථම ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවත් ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවශ්‍ය තොගගණන් ගෙනැල්ලා අන්තිමේ ඒවා පරිස්සම් කරගන්න බැරිව ගියාම කුඹුරට තමයි ගහන්න වෙන්නේ...