(සුජිත් හේවාජුලිගේ)
පොහොර කලට වේලාවට ලබා නොදී ගොවීන්ගේ විශ්වාසය කඩ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
පාර්ලිමේන්තු කණ්ඩායම සමග සාකච්ඡාව කර ඒ සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කරන බවද හෙතෙම සඳහන් කළේය.
මේ ආණ්ඩුව යටතේ ගොවීන් යන එනමං නැති පිරිසක් බවට අද පත්ව ඇතැයි පැවසූ අත්තනායක මහතා ආණ්ඩුවට ගොවීන්ට සහන ලබාදිය නොහැකි බවද පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ වැඩ කරලා පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කිරීමත් ජනතා මුදල් නිකරුණේ නාස්ති නොකරන ලෙසත් ඉල්ලනවා පුළුවන් නම් හිටපු පක්ෂය සමග එකතු වෙලා කට්ටියම පන්නා දමන්න...
හරිනම් ඇමැති ඉල්ලා අස්වෙන්න ඕනේ... ගොවීන් නන්නත්තාර වෙලා ඉන්නේ....
ඉල්ලා අස්වීම් සම්බන්ධව නිර්ණායක අහගන්න ඕනෑ විමලේගෙන්.
කරොත් කරන්නේ ඔය වගේ ගොං වැඩක් තමයි දැන් ඉතින් දෙකට තුනට කැඩිලා තියෙන පොහොට්ටුව එකට එකතු වෙයි ඕකෙන් පස්සේ.
ගොවීන්ට කාබනික පොටෑසියම් ගෙනල්ලා දුන්නා. ඇයි විශ්වාසභංගයක් මෙච්චර වැඩ කරන අපේ ඇමතිතුමාට?
විශ්වාස භංග ගේන්න එපා. ගහලා පන්නන්න.