(නිමන්ති රණසිංහ)
රාත්‍රී පාමුර සංචාරයේ යෙදී සිටි මෝදර පොලීසියේ නිලධාරීන් දෙදෙනකුට පිහියෙන් ඇන බරපතළ තුවාල කළැයි අත්අඩංගුවට ගත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරු ලබන 26 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නො. 247/9, අලුත්මාවත, කොළඹ 15 පදිංචි මොහොමඩ් අලි මොහොමඩ් රහුමාන් නොහොත් මුත්තුපුල්ලේ ඥාණසේකරම් මුගේෂ් නමැති තිස් දෙහැවිරිදි පුද්ගලයකි.
රාජකාරියට බාධා කිරීම, පොලිස් නිලධාරීන්ට පහර දීම, බරපතල තුවාල සිදු කිරීම, අත්අඩංගුවේ සිටියදී පලායෑමට උත්සාහ දැරීම ගැන වැරදි සම්බන්ධයෙන් මෙම සැකකරු මෝදර පොලිසීය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
මෙම නිලධාරීන් දෙදෙනා පෙරේදා (15) රාත්‍රී මෝදර එළිහවුස් උද්‍යානය පිටුපස ප්‍රදේශයේ පාමුර සංචාරයේ යෙදී සිටියදී සැක කටයුතු ලෙස හැසුරුණු පුද්ගලයකු පරීක්ෂාවට ලක් කර ඇති බවත් එහිදී සැකකරු සගවාගෙන සිටි තියුණු ආයුධයකින් මෙම පහරදීම සිදුකර ඇති බවත් මෝදර පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාට්ටුවට ඇතුළත් කළානම් ඉවරයිනේ..
ආයුධ සඟවා ඇති තැන පෙන්වන්න එක්කගෙන යමු නේද.?