(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය සම්පුර්ණයෙන් තහනම් කිරීමට ගත් තීරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.
මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම් පත් කිහිපයක් සංශෝධනය කළ යුතු ව ඇති අතර, ඒ සඳහා අනුමැතිය ඉල්ලා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඇමැතිවරුන් දෙදෙනකු එක්ව ඒකාබද්ධ කැබිනට් සංදේශයක් ඉදිරි පත් කර ඇත .
කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් එක්ව එම කැබිනට් සංදේශය ඉදිරි පත් කර ඇත .
ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට ගව ඝාතන පනත ,සත්ව පනත, මහ නගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා ආඥා පනත ඇතුළු පනත් කිහිපයක් සංශෝධනය කළ යුතු ව තිබේ .
ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා කැබිනට් මණ්ඩලය 2020 සැප්තැම්බර් මස 28 වැනි දා තීරණය කර ඇති අතර ,අදාළ පනත් සංශෝධනය කර නොමැති නිසා, එය තවමත් ක්‍රියාත්මක වී නැත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කලිනුත් නැවැත්තුවා නේද ?
අන්තිම තුරුම්පුව තුරුම්පුව ජනතාව අතර ආගමික ප්‍රශ්නයක් මතුකරලා ජනතාව නොමග යැවීම තමයි.
එතකොට ගොන්නු ටික පාර්ලිමේන්තුවට එවන්නද කියන්නේ...? කිරි ගන්නා වැස්සියන්, කිරි පට්ටි ඔක්කොම වහලා දමන්න වෙනවා. ඉන්පසුව මොනකිරි බොන්න කියයිද? මන්ද බුද්ධික රෑන රට මන්ද පෝෂණය කරා මෙහෙයවීම...
ආයේ හරක් ටික රවට්ටන්න වගේ හදන්නේ...
ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට ගව ඝාතන පනත, සත්ව පනත, මහ නගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා ආඥා පනත ඇතුළු පනත්වල සියල්ල එක පනතකට (සියලු පනත් මගින් සිදුවන්නේ සත්ව ඝාතනය වැළැක්වීම නම් සත්ව පනත යටතට) ගෙන අන් සියලු පනත් අහෝසි කිරීමෙන් හෝ මේ සියලු පනත් එක ආයතනයක් යටතට ගැනීමෙන් ඉක්මන් තීන්දු ගැනීමේ හැකියාවක් නිර්මාණය කරගැනීමට රජයට නොහැකිද?
හරි හරි... අපි දැන් බඩු මිල ගෑස් මිල, කිරිපිටි මිල.., පොහොර හිඟය, ඩොලර් හිඟය... නිසා ළඟදීම එන පෙට්‍රල් හිඟය වගේ දේවල් ඔක්කොම අමතක කරලා දාලා හරක් මරන එක තහනම් කිරීම ගැන කතා කරන්නම්... තව සති දෙක තුනක් යනකම්... එතකොට ඔබතුමන්ලාට රටින් තව කැල්ලක් දීගන්න පුළුවන් ලොකු කොමිස් කුට්ටියකට...
වැඩේ නියමයි. හරක් මස් කන්න ඕනේ කට්ටිය පිටරටින් ගෙන්න ගනිල්ලා.
මේක මහ මෝඩ තීරනයක්. ගිහින් බලන්න ගව පට්ටිවල ඉන්නෙ 98% කට වඩා වැස්සියෝ. එළදෙන්නු වසු පැටව් විතරද දාන්නේ...? නැහැනේ්. වහු පැටව් ටිකක් ලොකු වෙනකොට මසට විකුණනවා. කිරි අරගෙන ඉවර වුණාම වයසක වැස්සියන්ටන් ඒකම තමයි වෙන්නේ. අවසානෙට ගවපට්ටි කරුගේ ශුද්ද ලබය තමයි ඒ. කිරි විකුණලා විතරක් ගව පට්ටියකින් ලාබ ගන්න බැහැ. මේ වැඩෙන් වෙන්නේ ගව පාලනයත් ඉවරවෙන එකයි...
ජනතා අප්‍රසාදය අමතක කරවන්න නැවතත් ගව ඝාතන වැලැක්වීමේ සෙල්ලම පටන්ගන්නයි යන්නේ...
පළාත් පාලන ආයතන විශේෂයෙන් මහ නනගර සභා විශාල ආදායම් ලබන්නේ ගව ඝාතනය හා මස්කඩ බදු දීමෙන් පළාත් පාලන ආයතන නඩත්තු වෙන්නෙ මෙයින්ම කිව්වට වරදක් නැහැ ඒවාට අහිමි වෙන ආදායම් සොයන්න වෙන්නෙ ජනතාව පීඩාවට පත්කරලද.
ගව ඝාතනය නවත්වන්න කලින් මනුෂ්‍ය ඝාතනය නවත්වන්න.
තැනින් තැන ආයුධ මතු වෙනවා, දැන් මේවගේ එකක් ආයෙම උඩට ගේනවා. තව මසා 3ක් ඇතුලත ඡන්දේ තියයි වගේ.