(රංජන් කස්තුරි)
පාසල් ආරම්භ කිරීමට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දායකත්වය ලබාදිය යුතු අතර විදුහල්පතිවරුන් හමුවී පාසල් විවෘත කිරීමට අවශ්‍ය පියවර ගත යුතු යැයි පොලිස් මූලස්ථානය පොලිස් ස්ථානාධිපතිවරුන්වෙත දැනුම් දී තිබේ.
පාසල්වලට පැමිණෙන ගුරුවරන්ට සහ ළමයින්ට බාධාකරන හෝ වැළැක්වීමට කටයුතු කරන පිරිස් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගත යුතු බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත යවා ඇති ලිඛිත දැනුම්දීමේ සඳහන් වේ.
පොලිස් වසමේ පිහිටි ළමයින් 200ට අඩු ප්‍රාථමික පාසල් හඳුනාගෙන ඒවායේ විදුහල්පතිවරුන් හමුවී පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම, ළමයින් හා ගුරුවරුන් පැමිණෙන ප්‍රදේශ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමේ වගකීම ද පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ට උගන්වන්නත් පොලිසියේ සහාය ලබාගන්න. එතකොට තමයි වැඩේ සුපිරියටම වෙන්නේ... අනේ අම්මපා මොලේ පරීක්ෂා කරගත්තොත් හොඳ නැද්ද?
පොලිස් රාජ්‍යයක්!
රටට ගිය කලක්.
මරු ඩ්‍රාමා එක
පාසල් අයිති පොලිස් ඇමතිට ද?
පොලිසියෙන් වැඩිපුර කිහිප දෙනෙක් යොදවන්න පුළුවන් නම් ලොකු දෙයක්.
අම්මපා නියම රට හා ජාතිය..... සන්තෝසයි, සන්තෝසයි, අප්‍රමාණ සන්තෝසයි.