පා.මන්ත්‍රී ඩිලාන්ගේ මාසික වැටුපෙන් අඩක් කොවිඩ් අරමුදලට ‘කොවිඩ්’ අරමුදලට සම්පූර්ණ මන්ත්‍රී වැටුප පරිත්‍යාග කළහොත් තමන්ට ජීවත්වීමට නොහැකි වන බවත් ඒ නිසා වැටුපෙන් භාගයක් පරිත්‍යාග කරන බවත් හිටපු අමාත්‍ය බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා ඩිලාන් පෙරේරා මහතා පැවසීය. 26 August 2021
එස්.ඕ.එස් ළමා ගම්මානවලත් කොරෝනා පැතිරෙයි එස්.ඕ.එස් ළමා ගම්මානවලින් කොවිඩ් ආසාදිතයන් 108 දෙනකු හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ එස්.ඕ.එස් ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා පවසයි. 26 August 2021
එන්නත් තුනක ශක්තිය ගැන හෙළිදරව්වක් මෙරට භාවිතා කෙරෙන කොවිඩ් මර්දන එන්නත් තුනකින් ලැබෙන රැකවරණය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා ඒකකයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය තොරතුරු රැසක් අද (26) අනාවරණය කළාය. 26 August 2021
’’කොළඹ සමුද්‍රීය මාර්ගයේ ඉදිකිරිම් කඩිනමින් ආරම්භ කරනවා’’ රුපියල් කෝටි 3800 ක් වැය කරමින් කොළඹ සමුද්‍රීය මාර්ගයේ දෙහිවල සිට පානදුර දක්වා කිලෝමීටර 17 ක කොටසේ ඉදිකිරිම් කඩිනමින් ආරම්භ කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 26 August 2021
රිජ්වේ රෝහලේ කොවිඩ් දරුවෝ 200ක් කොවිඩ් ආසාදනයවූ දරුවන් 200දෙනෙකු පමණ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැනට ප්‍රතිකාර ලබන බව එහි අධ්යක්ෂ වෛද්‍ය ජේ. විජේසූරිය මහතා ලංකාදීපයට පැවැසීය. 26 August 2021
’’තවත් සතියක් හෝ දෙකක් මුළු රටම අගුළු දමන්න’’ දිනෙන් දින උග්‍ර වන කොරෝනා වසංගත තත්ත්වය හා ඉහළ යන මරණ අනුපාතය සැලකිල්ලට ගෙන තවත් සතියක් හෝ දෙකක් මුළු රටම අගුළු දමන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (26) ඉල්ලා සිටියේය. 26 August 2021
දුම්වැටිය කොවිඩ් මරණවලට ප්‍රධාන හේතුවක් සිගරට්, සුරුට්ටු හෝ වෙනත් දුම්වැටි පාවිච්චි කරන අය කොවිඩ් මරණවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය. 26 August 2021
බන්ධනාගාර ලොක්කෝ 11ක් මාරු කර යැවෙති බන්ධනාගාර ප්‍රධානීන් එකොළොස් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 26 August 2021
ලක්ෂ 26ක් සමඟ හෙරොයින් ජාවාරම් කළ කතක් අත්අඩංගුවට මහා පරිමාණයේ හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවක් රුපියල් ලක්ෂ 26ට අධික මුදලක් සමඟ කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 26 August 2021
ඔක්සිජන් ගෙවල් වල ගබඩා කරගැනීම ඔක්සිජන් හිඟයට හේතුවක් කොරෝනා වැළඳුනහොත් ආරක්ෂාවීම සඳහා සමහරුන් ඔක්සිජන් සිලින්ඩර නිවෙස්වල ගබඩා කිරීමට පටන්ගෙන ඇති බවත් ඔක්සිජන් හිඟයට එයද එක් හේතුවක්වී ඇති බවත් සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති. 26 August 2021
කිලෝ 2000කට වැඩි පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගත් දෙකක් අල්ලයි ගල් වැඩපොළවල් පවත්වාගෙන යන මුවාවෙන් බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 2000ට අධික ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු මාතර දී සහ ගන්දර දී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 26 August 2021
ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පී ජයසිරි සේමගේ අභාවප්‍රාප්ත වෙයි දේශීය සහ විදේශීය සම්මානයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පී ජයසිරි සේමගේ මහතා අභාවප්‍රාප්ත විය. ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 83 වැනි වියේ පසුවිය. 26 August 2021
එ.ජා.පයේ අනාගත සැලසුම් ලබන මස ජනගත කරයි එක්සත් ජාතික පක්ෂයේ අනාගත දේශපාලන වැඩපිළිවෙළ සැප්තැම්බර් මස 5 වැනිදා ජනගත කෙරෙයි. 26 August 2021
වසරේ වැඩිම උද්ධමනය ජූලි මාසයේදී වාර්තා වෙයි ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිල ඉහළ යෑම හෙවත් උද්ධමනය පසුගිය ජූලි මස අවසානයේ සියයට 6.8 ක් බවට පත්ව ඇති බවත් එය පෙර මාසයට වඩා සියයට 0.7 ක ඉහළ යෑමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 26 August 2021
කොවිඩ් නිසා මැතිසභා මැතිවරණ කමිටු රැස්වීම් කල් යයි මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ රැස්වීම්ද කොවිඩ් අවදානම හේතුවෙන් කල් දමා ඇත. 26 August 2021
රට වැසීමෙන් දුම්රියට කෝටි 13 කට වැඩි පාඩුවක් දින දහයක් රට වසා තැබීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් දහ තුන් කෝටි තිස් තුන් ලක්ෂයකට වැඩි පාඩුවක් සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 26 August 2021
ප්‍රමිත බණ්ඩාරට අලුත් තනතුරක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කරනු ලැබ ඇත. 26 August 2021
ආණමඩුවට එන්නත් ගන්න ආ පිරිස ගුටි බැට ඇන ගනිති ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයට කොරෝනා එන්නත් ලබා ගැනිමට පැමිනි 5000 කට ආසන්න පිරිසක් පාසලේ ගෙට්ටු කඩා ගෙන ඇතුල් විමත් සමග එකම කාල ගොට්ටියක් වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 26 August 2021
ඇඳිරිය අස්සේ කොළඹ ට්‍රැෆික් කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබුණ ද කොළඹ නගරයේ දැන් දැන් රථ වාහන විශාල ප්‍රමාණයක් ඇතුළු වන අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි. 26 August 2021
‘‘කොරෝනා සහන මල්ලටත් ආණ්ඩුව සීමා දමලා‘‘ නිරෝධායනය වන පවුල් සඳහා ලබාදෙමින් තිබූ රු. 10,000ක් වටිනාකමින් යුත් සහන මල්ල සීමා කොට, තෝරාගත් පිරිසකට පමණක් ලබා දීමට ආණ්ඩුව තීරණයක් ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 26 August 2021
ප්‍රධාන රෝහල් රැසක් කොරෝනා රෝගීන්ගෙන් පිරෙයි කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක වාට්ටු, කොරෝනා රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග පවසයි. 26 August 2021
‘‘මා දැන් සුවෙන්‘‘ ’’මා හොඳින් මා ගැන සොයා බලා මට ඉක්මන් සුවය පැතුවූ ඔබට බොහොම ස්තුතියි..’’ 26 August 2021
බිසෝපුර නව සංවර්ධන කලාපය අතරමඟ නවතී මැදිරිගිරිය බිසෝපුර නව සංවර්ධන කලාපයේ ජානපදික ගොවි ජනයාගේ ව්‍යවසායකත්වය නංවාලීමේ අරමුණින් ක්‍රියාත්මක කළ මහවැලි අත්සළු පියස,මහවැලි විසිතුරු මත්ස්‍ය අලෙවිසල සහ මහවැලි මල් හා පැල තවාන මේ වන විට වැසී ගොස් ඇතැයි ගම්වාසීහු චෝදනා කරති. 26 August 2021
අක්කා කොරෝනා සුව වී ගෙදර එද්දී මල්ලී දොර වහයි කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා නිවසට ආ හැත්තෑ හතර හැවිරිදි මවක දින තුනක් තිස්සේ නිවසේ අගුවේ කල් ගත කරන පුවතක් පල්ලෙවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 26 August 2021
නිරෝධායන ඇඳිරිය කැඩූ 581ක් පොලිස් දැලේ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම් සහ නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් ගෙවුණු පැය 24 තුළ පුද්ගලයන් 581 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය 26 August 2021
ප්‍රදේශ රැසකට අද තද වැසි බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේදී මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 26 August 2021
කර්මාන්ත ශාලා හිමියන්ගෙන් විශේෂ ඉල්ලීමක් වයස 18 - 30 අතර සේවකයන්ටද කොවිඩ් මර්දන එන්නත කඩිනමින් ලබා දෙන්නැයි කර්මාන්ත ශාලා හිමියෝ රජයෙන් ඉල්ලීමක් කරති. 25 August 2021
ව්‍යාපාරිකයෙක් කැලණියෙදී සල්ලි බෙදයි නිරෝධායන ඇඳිරිනීතිය නිසා පීඩාවට පත් කැලණිය ප්‍රදේශයේ ජනතාව වෙත රුපියල් 1,000 බැගින් රුපියල් කෝටි දෙක හමාරක මුදලක් බෙදාදීමට එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන මංජුල පෙරේරා මහතා පියවර ගෙන ඇත. 25 August 2021
සෙල්ෆෝන් ක්‍රීඩාව සිසුවකු බිලිගනී ජංගම දුරකථන ක්‍රීඩාවලට දැඩිව ඇබ්බැහි වී සිටි මාතර ප්‍රදේශයේ ප්‍රධාන පාසල 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවකු සිය නිවස තුළදී ගෙලවැළ දාගෙන සියදිවි නසාගෙන ඇති බව පොලිසිය පවසයි. 25 August 2021
‘‘පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට සමාවක් නෑ‘‘ පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් නොපමාව අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පවසයි. 25 August 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026