කොවිඩ් මර්දනයට චීනයේ සහාය දිගටම කොවිඩ් පාලනය සඳහා චීනයේ සහාය දිගටම ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (27) දැනුම් දුන්නේය. 27 August 2021
ලොව විශාලතම මැණික ස්විට්සර්ලන්තයට රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව විශාලතම මැණික බවට සැලකෙන ආරුනූල් මැණික (ආරුනූල් සමූහය) ස්විට්සර්ලන්තයට ආරක්ෂිතව රැගෙන ගිය බව මැණික් හා පතල් ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය. 27 August 2021
කොවිඩ් තුන්වෙනි රැල්ලේ දී ගැබිනි මවුවරු 30ක් මරුමුවට ගැබිනි මවුවරුන් 30 දෙනකු කොවිඩ් තුන්වෙනි රැල්ල ආරම්භ වීමෙන් පසු මේදක්වා කොවිඩ් වැළඳී මරුමුවට පත්ව ඇතැයි සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 27 August 2021
වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 9000ක් මන්නාරමෙන් අල්ලයි නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 9000 කට අධික තොගයක් සහ සැකකරුවෙක් මන්නාරම, ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ ශ්‍රී ලංකාව නාවික හමුදාව සහ මන්නාරම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 27 August 2021
සිරුරු දෙකක් මාරු වී මුලතිව් රෝහලේ කලබැගෑනියක් කොරෝනා නොවන රෝගයකින් මියගිය පුද්ගලයකුගේ මළ සිරුර වෙනුවනට කොවිඩ් 19 වයිරසය ආසාදිතව මියගිය පුද්ගලයකුගේ සිරුරක් ලබාදී සිය සැමියාගේ දේහය අත්තනෝමතික ලෙස මුලතිව් රෝහල් සේවකයන් ආදහනය කිරීම සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා මියගිය පුද්ගලයාගේ බිරිඳ මුලතිව් පොලිසිය වෙත හා මුලතිව් දිසා රෝහල වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. 27 August 2021
නැවෙන් ගෙනා භාණ්ඩ අස්සේ මත් කුඩු සහ දුම්වැටි එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයකු නැව්ත කළ භාණ්ඩ අතර සඟවා රුපියල් ලක්ෂ 25 ක කොකේන් මත්කුඩු සහ දුම්වැටි අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 27 August 2021
’’රට දිගු කලක් වසා දැමීම ප්‍රායෝගික නෑ’’ රට දීර්ඝකාලීනව වසාදැමීම ප්‍රායෝගික නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 27 August 2021
ජිහාද් ත්රස්තයන්ට කිසිම සමාවක් නෑ කාබුල් ගුවන්තොටුපොළ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ, සිවිල් වැසියන් ඉවත් කිරීමේ කටයුතු නොකඩවා ඉදිරියට සිදු කරන බවය. 27 August 2021
කාබුල් ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළට තලේබාන් පාලනයට බියෙන්, ඇෆ්ගනිස්තානයෙන් පලා යෑමට උත්සාහ ගන්නා ඇෆ්ගන් සිවිල් වැසියන් කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඇතුළු වීමට පොරකද්දී, ගුවන්තොටුපොළ අයත් පරිශ්‍රයේ බෝම්බ පිපිරීම් දෙකක් සිදුවිය. එයින් 90 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු අතර තුවාල ලැබූ ගණන 180 ට වැඩිය. 27 August 2021
කොතලාවල පනතට උද්ඝෝෂණ කළ සිසු නායකයන් තිදෙනකුට කොරෝනා කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත වසන්ත මුදලිගේ සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප කෝවිඩ් ආසාදිතයන් ලෙස තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි. 27 August 2021
ඩෙල්ටා හැඳුණොත් රෝග ලක්ෂණ නැතිව හෘදයා බාධ කෝවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වන කිසිදු රෝගලක්ෂණයක් නොපෙන්වාම හෘදයාබාදවලට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක් ඇතැයි කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි. 27 August 2021
ඉදිරි දිනවලත් වැස්ස දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය ඉදිරයටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 August 2021
දිනක් තුළ සිදු වූ වැඩිම මරණ අද වාර්තා වෙයි කොවිඩ් ආසාධිත වූ තවත් 209 දෙනකු ඊයේ (25) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26)තහවුරු කළේය. 26 August 2021
කාබුල් ප්‍රහාරයෙන් 13ක් මරුට ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපොළ ආසන්නයට එල්ල වූ මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරයෙන් දරුවන් ඇතුළු 13 දෙනකු මියගොස් ඇතැයි තලේබාන් සංවිධානයේ නිලධාරියෙක් අද (26) පස්වරුවේ පැවැසීය. 26 August 2021
කොරෝනා ආසාදිතයන් 4602ක් අද දින වාර්තා වෙයි කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 1,080 දෙනකු අද(26) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 4,602 කි. 26 August 2021
‘‘කිසි විටෙක ව්‍යාජ දත්ත දෙන්නේ නෑ‘‘ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කිසි ලෙසකින් ව්‍යාජ දත්ත ලබා දීමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. 26 August 2021
කාබුල් ගුවන්තොටුපොළ අසල පිපිරීමක් ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපොළට පිවිසෙන ගේට්ටුවක් ආසන්නයේ පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය අද (26) සවස වාර්තා කළේය. 26 August 2021
‘‘60ට වැඩි නම් අනිවාර්යයෙන්ම එන්නත් ගන්න‘‘ කොවිඩ් 19 ආසාදිතව මිය ගිය පිරිස දෙස බලද්දී එහි අති බහුතරය අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් වන අතර එම පිරිස එන්නත ලබා නොගත් අය බව පෙනී යන බැවින් එන්නත ලබා ගැනීමට උනන්දු වන්නැයි අවුරුදු 60 ට වැඩි ජනතාවගෙන් හා ආබාධිත පුරවැසියන්ගෙන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ තරුණ වැඩිහිටි හා ආබාධිතවූවන් සඳහා වන ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපා විතාන මහත්මිය ඉල්ලීමක් කරයි. 26 August 2021
කළුබෝවිල රෝහලට නව කොවිඩ් වාට්ටු සංකීර්ණයක් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නව මිලේනියම් ගොඩනැගිල්ලේ වාට්ටු සංකීර්ණ කිහිපයක් කොවිඩ් ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් විවෘත කිරීම යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් අද (26) සිදුකෙරිණි. 26 August 2021
ලංකාව - මාලදිවයින අතර එමිරේට්ස් ගුවන් ගමන් ලබන 1 වැනිදා සිට ඇරඹේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ගුවන් සේවා සැප්තැම්බර් 01 වැනිදා සිට යළි ආරම්භ කරන බව එමිරේට්ස් ගුවන් සේවය නිවේදනය කරයි. 26 August 2021
රාජගිරිය කොවිඩ් ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත වේ කොවිඩ් ආසාදිතයන් සඳහා තවත් ආයුර්වේද ප්‍රතිකාර ඒකකයක් රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ දී අද (26) විවෘත කළ බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. 26 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 3,522ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,522 දෙනකු අද (26) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 26 August 2021
අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහොමයක මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති. 26 August 2021
“සහන වෙනුවට ආණ්ඩුවෙන් ජනතාවට අසහනය’’ පවතින ව්‍යසනකාරී මොහොතේ සහන වෙනුවට අසහනය ජනතා කර මත පැටවීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 26 August 2021
ශ්රීලනිපය මංගලට පිං පමුණුවයි හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාට පිං පැමිණවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ ආගමික වැඩසටහනක් එහි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී අද (26) පස්වරුවේ පැවැත්විණි. 26 August 2021
12 දැරියට එන්නත් දුන් දොස්තර පියාට සහ සේවිකාවට මාරුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව වයස අවුරුදු දොළහක දැරියකට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම හලාවත කොක්කාවිල ප්‍රාථමික විදුහලේ එන්නත් මධ්‍යස්ථානය බාර වෛද්‍යවරයා සහ එහි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක පුත්තලම මූලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවූ බව පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. 26 August 2021
ඇඳිනීතියත් එක්ක ඉහළ ගිය එළවළු මිල නිරෝධායන ඇඳිනීතිය පැනවීමත් සමඟ එළවළු මිල ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ ප්‍රකාශ කරති. 26 August 2021
නිකවැරැටිය රෝහලට ඔක්සිජන් තොගයක් නිකවැරැටියේ දානපතියන් පිරිසක් කොරෝනා රෝගීන් ගෙන් පිරීගොස් ඇති නිකවැරටිය මූලික රෝහලට අවශ්‍ය ඔක්සිජන් සිලින්ඩර් තොගයක් අද දින පරිත්‍යාග කළහ. 26 August 2021
එතෙර යන අයට ඔන්ලයින් ඔස්සේ කොවිඩ් එන්නත් සහතිකයක් විදෙස්ගත වීමේ අපෙක්ෂාවෙන් සිටින අයට කොවිඩ් -19 එන්නත් ලබාගත් බවට සහතිකයක් මාර්ගත (Online) ක්‍රමය ඔස්සේ ලබාගැනීමට පහසුකම් සලසා ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කියා සිටී. 26 August 2021
අම්පාරේ අතරමැදි ගබඩාවකින් වී කිලෝ ලක්ෂ 6ක් අල්ලයි අම්පාර ප්‍රදේශයේ අතරමැදියකු ගබඩා කර තිබූ වී කිලෝ ලක්ෂ හයක් වැටලා එම වී තොගය සහතික මිලට වී අළෙවි මණ්ඩලය ලබාගත් බව වී ගබඩා කර ඇති සෙසු අතරමැදියන්ට ද නීතිවිරෝධී වී තොග රජයට ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (26) පැවසීය. 26 August 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026