කෝටි 18 ක කොකේන් රේගුවෙන් පන්නන්න බැරිවෙයි
කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 527 නීතිවිරෝධී ලෙස තම අත් බෑගය තුළ සගවා ගෙන , ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස පෙනී සිටි 59 හැවිරිදි ටියුනීසියානු ජාතිකයෙකු අද (15 ) උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .