
(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (23) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය 5 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (22) පස්වරු පැවසීය.
‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට හෙට පැය 2 යි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය කීය.
‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 3 යි විනාඩි 20 ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 40 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.
‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වා දහවල් කාලයේ පැයක් ද, පස්වරු 4.30 සිට රාත්‍රී 9.30 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 40 විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මිරිහාන, නුගේගොඩ, කෝට්ටේ, පිළියන්දල කොළඹ 1 සිට 10... මේ ටිකේම කිසිම පවර් කට් එකක් නැත්තේ? හෙණ ගහනවා...
මේක මොකක්ද? ඉදිරියට එන්න තිබෙන කැපිලි එක්ක බලනකොට...
අද වෙනකන් එක දවසක් පිළියන්දල කෝට්ටේ නුගේගොඩ මිරිහාන, කොළඹ 1 සිට කොළඹ 10 පවර් කට් මුකුත් නැහැ. මේවා සහගහන අපරාධ...!