
(නිමල කොඩිතුවක්කු)
පවතින ව්‍යසනකාරී තත්වයෙන් රට බේරා ගැනීම සඳහා දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් සම්බන්ධ කොටගත් පුළුල් බලවේගයක් ගොඩනැගීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
පුළුල් පොදු සංධානගත වැඩපිළිවෙළක් ගොඩනැගීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් යුතු විශේෂ කමිටුවක් පත්කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, කබීර් හෂීම්, තලතා අතුකෝරාල, ඉරාන් වික්‍රමරත්න යන මහත්ම මහත්මීන් එහි සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරයි.
අද වන විට අපේ රට එදා මෙදාතුර ඉතිහාසයේ දරුණුතම අර්බුදකාරී තත්ත්වයට මුහුණ දී සිටින අතර මේ අවාසනාවන්ත තත්ත්වයෙන් රට බේරා ගැනීම උදෙසා වඩාත් ප්‍රායෝගික, සාමූහික ප්‍රයත්නයක අවශ්‍යතාවය දැඩිව පැන නැගී ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
සමගි ජනබලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් සම්බන්ධ කොටගත් පුළුල් බලවේගයක් ගොඩනැගීමට ඒ හරහා තීන්දුකර ඇති බවත් විපක්ෂනායකවරයා තවදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවටම හරියන සෙට් එක... ඇයි එදා කොලඹ වටලපු දවසේ වෙන්න ජනාධිපති පුතාණෝ කීවේ අවුරුදු 3ක් නොමිලේ තෙල් දෙන්න තෙල් තියෙන රටවල් එයාට පොරොන්දු වුණා කියලා. ජනතාවාදී විපක්ෂයනේ. ඒ අවුරුදු 3ක් නිකන් දෙනවා කීව තෙල්වලින් මාස 6ක් වත් ගෙන්වලා බෙදනවලකෝ...! රට්ටු හොම්බෙන් ගිහින් ඉන්න වෙලාවේ...
ඇත්තටම රට බේරාගන්න ඕනෑ නම් ඔය උදවිය දෙශපාලනයෙන් අයින් වුණානම් හරි... පුතාණෝ ගැන කතාකරන කොට තේරෙනවා තාමත් මිනිස්සු පහතට දාලා කතා කරන්නේ කියලා...
රට බේරගන්න කලින් ඔබතුමාගේ නායකකම බේරගෙන හිටියොත් නරකද?