(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම නවතා සටන් විරාමයකට යන්නැයි රුසියානු රජයට  දැනුම් දෙන  ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (22)  රජයෙන් ඉල්ලීමක් කළේය.

ඔහු මෙසේ ඉල්ලා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ කියවීමේ විවාදයේදීය.

එම ප්‍රහාර සම්බන්ධයෙන් ආණ්ඩුවට කට ඇරීමට නොහැකිනම්  ශිෂ්ට සම්පන්න රටක් ලෙස සටන් විරාමයක් හෝ ඉල්ලන්නැයි කිරිඇල්ල මහතා  මෙහිදී පැවසුවේය.

රුසියාවේ ප්‍රහාරවලින් යුක්රේනයේ සිවිල් වැසියන් හාරදහසක් පමණ මියගොස් ඇති බවත්  එහි පාසලකටද ප්‍රහාර එල්ලවී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

එවැනි ඉල්ලීමක් කිරීමට ඕනෑම රටකට අයිතියක් ඇතැයිද  ඔහු පැවසුවේය.

රුසියාවේ ප්‍රහාර සම්බන්ධයෙන් ස්ථාවරය ප්‍රකාශ කරන්නැයි ශ්‍රී ලංකාවේ  විවිධ භාණ්ඩ මිලදී ගන්නා  බටහිර රටවල් ගණනාවක්   ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.