ව්‍යාපාරිකයෙක් කැලණියෙදී සල්ලි බෙදයි නිරෝධායන ඇඳිරිනීතිය නිසා පීඩාවට පත් කැලණිය ප්‍රදේශයේ ජනතාව වෙත රුපියල් 1,000 බැගින් රුපියල් කෝටි දෙක හමාරක මුදලක් බෙදාදීමට එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන මංජුල පෙරේරා මහතා පියවර ගෙන ඇත. 25 August 2021
සෙල්ෆෝන් ක්‍රීඩාව සිසුවකු බිලිගනී ජංගම දුරකථන ක්‍රීඩාවලට දැඩිව ඇබ්බැහි වී සිටි මාතර ප්‍රදේශයේ ප්‍රධාන පාසල 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවකු සිය නිවස තුළදී ගෙලවැළ දාගෙන සියදිවි නසාගෙන ඇති බව පොලිසිය පවසයි. 25 August 2021
‘‘පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට සමාවක් නෑ‘‘ පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් නොපමාව අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පවසයි. 25 August 2021
47 වසරකට සිරගෙට ගිය සිරකරු හදිසියේ මරුට කොල්ලකෑම් සම්බන්ධයෙන් වරස 47කට සිරදඬුවම් නියමිව සිටි සිරකරුවකු හදිසියේ රෝගාතුර වී බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි බන්ධනාගාර මූලස්ථානය කියයි. 25 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 3,390ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,390 දෙනකු අද (25) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 25 August 2021
ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් දෙදෙනෙක් කොරෝනාවට බිලිවෙති නීතීඥ ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් දෙදෙනෙකු වූ ජනාධිපති නීතීඥ ඩී.එස්.විජේසිංහ මහතා සහ නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්ව ඇත. 25 August 2021
භූමිතෙල් ලීටර් 13,000ක් මහ පාරේ භූමිතෙල් ප්‍රවාහනය කරන බෘෂර් රථයක් මාතර අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ගුණරතන විද්‍යාලය අසළදී මාර්ගය හරහා පෙරලිමට ලක් වීමෙන් එහි ප්‍රවාහනය කළ භූමිතෙන් ලීටර් 13.200ක් පමණ ප්‍රමානයක් මාර්ගය දිගේ ගලා ගිය බව ප්‍රදේශාවසිහු පවසති. 25 August 2021
“එන්නත් දෙකම නැත්නම් කොළඹ ජංගම වෙළෙඳාම බෑ’’ නිරෝධායන ඇදිරිනීතිය කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙඳාම කළ හැක්කේ කොව්ඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදෙන ඇති වෙළෙඳුන්ට පමණක් බවත් එන්නත් මාත්‍රා දෙකම නොගත් පුද්ගලයන් ජංගම වෙළෙඳාමේ නිරත වුවහොත් නිරෝධායන නීති යටතේ පියවර ගන්නා බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය. 25 August 2021
ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද තීරණය ලබන සිකුරාදා නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය අනිද්දා (27) සිකුරාදා ප්‍රකාශ කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය. 25 August 2021
මාස පහේ කළලය කොරෝනා වයිරසයෙන් විනාශ වෙයි කොරෝනා වයිරසය ආසාදිතව ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස් මස් ගැබිණියකගේ කුසේ සිටි මාස පහක් වයසැති කළලයට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි ගම්පොළ රෝහල් සෞඛ්‍ය අංශ කියයි. 25 August 2021
කොරෝනා රෝගියකුට සාර්ථක සැක්කමක් හෘදයා බාදයකට ලක්වී අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණු කොවිඩ් රෝගියකු ස්ටෙන්ත් සැත්කමකින් ඔහුගේ දිවි බේරා ගන්නට හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සමත් විය. 25 August 2021
පොලිස් ලොක්කන් කළ ප්‍රකාශය ආගමික නායකයෝ හෙළා දකිති උසස් පොලිස් නිලධාරීන් පිරිසක් මාධ්‍ය හමුවේ දී ඉකුත් දා සිදුකළ ප්‍රකාශය තරයේ හෙළාදකින බව සර්ව ආගමික නායකයින් පිරිසක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති. 25 August 2021
“සීනි වැඩි මිලට අළෙවි කළාට කරන්න දෙයක් නෑ’’ සීනි ලෝකවක් රුපියල් 210 කට අළෙවි කර කිලෝවකින් රුපියල් 100 ක් ලබා ලැබීම අපරාධයක් බවත් වෙළදුන් සහ තොග පිළිබඳ සියලු තොතුරු දැන සිටිය ද කළයුතු දෙයක් නොමැති බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 25 August 2021
රිෂාඩ් සම්බන්ධයෙන් බන්ධනාගාර පරීක්ෂණ අවසන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට බැන මරණ තර්ජනය කළැයි කියන සිද්ධියට අදාළව බන්ධනාගාරය මගින් සිදුකළ පරීක්ෂණයට අදාළ සියලු විමර්ශන අවසන් කර ඇතැයි බන්ධනාගාර මුලස්ථානය පවසයි. 25 August 2021
ගම්පහ රෝගීන් වැඩියි:වාට්ටුවක් හදන්න ආධාර පතයි ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි තවත් අධි දැඩි සත්කාර ඒකකයක් සහ ඇදන් 50 කින් යුත් කොරෝනා ප්‍රතිකාර වාට්ටුවක් අලුතින් ස්ථාපිත කිරීම පිනිස පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතන බව රෝහල් පදනම පවසයි. 25 August 2021
ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ තනතුරින් ඉරාජ් ඉල්ලා අස්වෙයි ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂවරයා ලෙස පත් කෙරුණු සංගීතඥ ඉරාජ් වීරරත්න මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. 25 August 2021
අතරමැදි ගබඩා 6කින් වී කිලෝ ලක්ෂ 40ක් අල්ලයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අතරමැදියන්ගේ ගබඩා හයක් වටලා වී කිලෝ ලක්ෂ 40 කට අධික ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු ආධිකාරිය බාරයට ගෙන මුද්‍රා තැබූ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) පස්වරුවේ පැවසීය. 25 August 2021
ත්‍රස්ත සැකකරුවන් ගැන උපදෙස් ගැනීමට උපදේශක මණ්ඩලයක් ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින සහ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීම, නිදහස් කිරීම සහ ඇප ලබාදීම ඇතුළු තීරණ සම්බන්ධයෙන් තමාට නිර්දේශ සහ උපදෙස් ලබා දීම සඳහා උපදේශක මණ්ඩලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ සිටී. 25 August 2021
ගුවන් හමුදාපතිවරයා ස්වයං නිරෝධායනයට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සිය නිවසේ සිටිමින් ස්වයං නිරෝධායනයට යොමු වී සිටින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය. 25 August 2021
සියලුම ආර්ථික මධ්‍යස්ථාන 28, 29 දෙදින විවෘත කරයි සියලුම ආර්ථික මධ්‍යස්ථාන ලබන 28 සහ 29 දෙදින තොග වෙළෙදාම සඳහා පමණක් විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි 25 August 2021
රිෂාඩ් බන්ධනාගාර විනිශ්චය සභාවක් හමුවට හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාරය තුළදී එහි වෛද්‍යවරයකුට තර්ජනය කර අපහාසාත්මකව බැන වැඳීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර විනිශ්චය සභාවක් හමුවේ විභාග කිරීමට නියමිත බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. 25 August 2021
කෙන්යාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සියලු දෙනාගේ වැටුප කොවිඩ් අරමුදලට කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සාමාජික සාමාජිකාවන් සිය මාසයක වැටුප රජයේ කොවිඩ්-19 අරමුදලට පරිත්‍යාග කර ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී. 25 August 2021
පාර්ලිමේන්තුවේ කටයුතු තීරණය කරන්න පක්ෂ නායක රැස්වීමක් 2 වැනිදා පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් ලබන 2 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇත. 25 August 2021
කොරෝනා අවසන් වන තෙක් අමරවීරගේ වැටුප මහජන සුබසාධනයට තම මන්ත්‍රී වැටුප කොවිඩ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් මහජන සුබසාධනය සඳහා පරිත්‍යාගයට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත. 25 August 2021
රිෂාඩ් වෙනම සිර මැදිරියකට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා බන්ධනාගාරයේ වෙනම සිරමැදිරියක රඳවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 25 August 2021
කොරෝනා බඩු මල්ලටත් සීමා කොරෝනා වසංගත තත්වය හමුවේ නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා රජයෙන් මෙතෙක් ලබා දුන් රුපියල් 10,000ක වියළි ආහාර මල්ල අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් පමණක් ලබාදීමට රජය තීරණය කර ඇත. 25 August 2021
’කොරෝනා’ පරදන්න ඉන්දියාවෙන් තවත් එන්නතක් ’සිඩුස් කැඩිලා’ ඖෂධ නිෂ්පාදන සමාගම හඳුන්වා දුන් ’ඩී.එන්.ඒ.’ වර්ගයේ නව ප්‍රතිශක්තිකරණ එන්නතට අමතරව, ඉන්දියාවෙන් තවත් ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතක් එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ. 25 August 2021
ඉෂාක් රහුමාන් ගේ මාස දෙකක වැටුප් කොවිඩ් අරමුදලට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා කොවිඩ් අරමුදලට මාස දෙකක වැටුප් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත . 25 August 2021
කොළඹ ලක්ෂ 3කට රු: 2000 දීමනාව රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් ලක්ෂ 3 ක් රුපියල් 2000 දීමනාව ලැබීමට සුදුසුකම් ලබා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය. 25 August 2021
“වෛද්‍ය උපදෙස් නොමැතිව දරුවන්ට විටමින් සී දෙන්න එපා’’ දෙමව්පියන්ගේ හිතුමනාපය පරිදි දරුවන්ට විටමින් සී ලබාදීම නුසුදුනු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පැවසීය. 25 August 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026