දූෂණ මැඩීමට ගෙනා කෝප්, කෝපා නිර්දේශ දෙදාහක් කුණු කූඩෙට
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා පසුගිය කාලයේදී ඉදිරිපත් කර ඇති නිර්දේශ 2,000කට වැනි සංඛ්‍යාවක් හමස් පෙට්ටියට ගොස් ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.